ඉන්දීය පුහුණුකරු වීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයා

231

රාහුල් ඩ්‍රාවිඩ් හට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීමට තමන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය ක්‍රිකට් පරිපාලක කමිටුවේ සභාපති විනෝද් රායි පවසා සිටියා.

රාහුල් ඩ්‍රාවිඩ් එම ධුරය භාර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පරිපාලක කමිටුව අනුමැතිය ලබා දුන් බව ඩ්‍රාවිඩ් හට දන්වා සිටි නමුත් ඩ්‍රාවිඩ් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ. රාහුල් ඩ්‍රාවිඩ් ඒ වන විටත් ඉන්දීය A කණ්ඩායමේ සහ 19න් පහළ කණ්ඩායම්වල පුහුණුකරු ලෙස සේවය කරමින් සිටියේය. හිටපු පිතිකරුවෙකු වන ඩ්‍රාවිඩ් වසර කීපයක සිට එම කණ්ඩායම් භාරව කටයුතු කරමින් සිටියේය.

කෝලිට එරෙහිව බරපතළ චෝදනාවක්!

පරිපාලක කමිටුවේ සභාපති වන විනෝද් රායි මේ බව හෙළි කළේ ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඉන්දී ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගැනීම රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රතික්ෂේප කළේ තම පවුලේ අය සමඟින් වැඩි කාලයක් ගත කිරීම සඳහා බව ද ඔහු පවසා සිටියා.

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේගේ ධුර කාලය 2017 දී අවසන් විය. අනිල් කුම්බ්ලේගේ ධූර කාලය තරමක අවුල් සහගත තත්ත්වයකට පත්වූයේ ඉන්දීය නායක විරාත් කෝලි සමඟ ඇතිවූ ගැටුමෙන් පසුවය.

මෙන්ඩිස්ට ඇප; රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

ඩ්‍රාවිඩ්ගේ ප්‍රතික්ෂේප කිරීම හා කුම්බ්ලේගේ ධුර කාලය හදිසියේම අවසන් වීමත් සමඟ ප්‍රධාන පුහුණුකරු තනතුර අවසානයේ දී රවී ශාස්ත්‍රි වෙත හිමි විය. 

කෙසේ වෙතත්, ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩ්‍රාවිඩ්, කුම්බ්ලේ හා ශාස්ත්‍රි යන තිදෙනාම හොඳ තේරීමක් වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පරිපාලක මණ්ඩලය තීරණය කළ නිසා අවසාන ප්‍රතිඵලය එතරම් ගැටලුවක් නොවූ බව රායි පවසා සිටියේය.

“පුහුණු කිරීමේ හැකියාව අනුව ඩ්‍රාවිඩ්, ශාස්ත්‍රි සහ කුම්බ්ලේ පුහුණුකරුවන්ගේ හොඳම අයයි” රායි පැවසීය.  

“අපි අනිවාර්යයෙන්ම රාහුල් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඔහු ඒ වෙද්දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ සම්බන්ධ වෙලා හිටියේ. ඔහු කණ්ඩායමක් සංවර්ධනය කරන්නේ කොහොමද කියලා නිවැරදි සැලැස්මක සකස් කර තිබ්බා. ඔහු අපූරු ප්‍රතිඵලයක් ගෙන ආවා. ඔහුට අවශ්‍ය වුනා එම කණ්ඩායම සමඟ අවසන් නොකළ කාර්යයන් කිහිපයක් අවසන් කරන්න. අපේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න එයත් හේතුවක් වුනා.” 

මෙලොව හැර ගිය සොඳුරු ක්‍රිකට් තරුව – සර් Everton Weekes

පසුගිය වසරේ දී ඉන්දියාවේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙස ඩ්‍රාවිඩ් පත් කළ අතර හිටපු ඉන්දීය පිතිකරු එම භූමිකාව භාර ගැනීමට වඩා සතුටට පත්වූ බව රායි හෙළි කළේය. 

“ඩ්‍රාවිඩ් දැන් ජාතික ක්‍රිකට් ඇකඩමියේ හි ප්‍රධාන පුහුණුකරුවෙක්. ඔහු ඒ ආරාධනාව පිළිගැනීමට සහ ඇකඩමිය වෙනුවෙන් කැපවීමට ඉතා කාරුණික වුනා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<