යුපුන්ට ජර්මනියේ දී ජයග්‍රහණයක්

Anhalt World Continental Tour 2024

48
Anhalt World Continental Tour 2024

ජර්මනියේ Dessau හිදි ඊයේ (24) පැවැත්වුණු Anhalt World Continental Tour 2024 මලල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් විසින් සමත් වුනා.

ඊයේ ඔහු විසින් පළමුව සිය ඉසව්වේ මූලික වටයට සහභාගී වූ අතර, එහි දී මෙවර තරග සමයේ සිය හොඳම කාලය වූ තත්පර 10.15ක කාලයක් සමඟින් පළමු ස්ථානය ලබා ගැනීමට යුපුන්ට හැකියාව ලැබුණා.

එම ජයග්‍රහණයෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ දීම ඔහු සිය ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් තරමක් මන්දගාමී ආරම්භයක් ලබා ගත්ත ද, සුළු මොහොතකට පසුව අනෙක් සියලු ම තරගකරුවන් අබිබවා යමින් තත්පර 10.16ක කාලයක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙය මෙවර තරගවාරයේ යුපුන් විසින් සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමේ විශේෂ කඩඉමක් ලෙස හඳුන්වා දිය හැකි.

විදෙස් මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<