ගෙවුනු දවස ජුනි 6 – රාජකීයයෝ නැති ජනාධිපති කුසලානය

1136

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

කඩුලු 10ම කළණට

Kalana Perera

සිංගර් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ  A කාණ්ඩය යටතේ පැවැත්වූ තරගයක දී, සාන්ත තෝමස් විද්‍යාලයීය වමත් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා එම වයස් කාණ්ඩයේ ක්‍රීඩකයෙක්ගෙන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වීමට අපහසු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ඒ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව ඉනිමේ කඩුලු 10ම තනිවම බිඳ හෙලමිනි. තරඟය ගල්කිස්සේ දී පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: කළණ පෙරේරා කඩුලු 10ම දවා ගනියි!


    රග්බි    

මහනුවර නැති සත්සාමාජික තරගාවලිය

ThePapare Rugby

කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලිය එළඹෙන සෙනසුරාදා (10) සහ ඉරිදා (11) යන දිනවල දී කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ගියවර ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

.

සම්පූර්ණ ලිපිය: අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරග මේ සති අන්තයේ


රාජකීය විදුහල ජනාධිපති කුසලානයට නැහැ

Milo Press Conference

25 වන වරටත් නෙස්ලේ ලංකා අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා රාජකීය විදුහල සහභාගී නොවන බව ඊයේ මාධ්‍ය වෙත දැනුම් දෙනු ලැබුවේ, ජනාධිපති කුසලානය සඳහා වන මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරයි.

කෙසේ නමුත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් තරග වැදීමට නියමිත අතර රාජකීයයන් මීට සහභාගී නොවන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණ ආබාධ ලක් වී ඇති නිසාවෙනි.

කෙසේ නමුත් තරගාවලිය එළඹෙන 9 වැනි දායින් ආරම්භ වන අතර ජුනි 24 වැනි දායින් අවසන් වීමට නියමිතයි. අවසන් වටයේ මූලික තරග මෙවර සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇත.

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න

දිනයක අවසානය