ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

1158

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) පළමු අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉරානය අද (16) දිනයේ දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී තරග වැදිනි. එහිදී ලකුණු 10 – 2ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අපරාජිත රටවල් දෙකක් අවසන් පූර්ව තරගයට

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ ……


පළමු අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකාව සහ ඉරානය

ශ්‍රී ලංකාව මෙම තරගයේ සත්කාරක කණ්ඩායම (Home Team) වූ අතර ඒ අනුව ඉරානය පළමුව පිතිකරණයේ නිරත විය.

තරගයේ පළමු ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පිවිසි ඉරාන කණ්ඩායමට කිසිඳු ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ඉරාන කණ්ඩායමේ නියමිත දැවීම් 3 දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2ක් රැස්කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉරේෂ් කෝසල සහ සඳුන් මදුශංක එම ඉනිමේ දී ලකුණු රැස්කිරීමට සමත් වූහ.

තම දෙවන ඉනිමේ පිතිකරණයට පිවිසි ඉරාන කණ්ඩායම වෙනුවෙන් අමීර් බශ්වන්ඩ් සහ මොහොමඩ් ඝයේඩි එක් ලකුණ බැගින් රැස් කරමින් ලකුණු තත්වය සම කිරීමට සමත් විය. නමුත් දෙවනුව පිතිකරණයේ නිරත වීමේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී ලකුණු 3ක් රැස් කරමින් නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. නවීන් කස්තුරි මුදලි, නිරෝෂන් ශ්‍රියාරත්න සහ ඉරේෂ් කෝසල එම ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස්කළ ක්‍රීඩකයින් විය.

තරගයේ තෙවන ඉනිමේ දී කණ්ඩායම් දෙකටම එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට නොහැකි විය.

සිව්වන ඉනිමේ දී ඉරාන කණ්ඩායමේ නියමිත දැවීම් 3 කිසිඳු ලකුණක් වාර්තා කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස්කිරීමට සමත් විය. එම ඉනිමේ දී ඉරේෂ් කෝසල සහ රුවන් කුමාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස් කළහ.

තරගයේ පස්වන ඉනිමේ දීද ඉරාන කණ්ඩායමට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොදීමට වගබලා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී එක් ලකුණක් රැස් කිරීමට සමත් විය. නවීන් කස්තුරි මුදලි ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ලකුණ රැස්කිරීමට සමත් විය.

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට තියුණු ජයක්

“14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලානය……..


තරගයේ සයවන සහ හත්වන ඉනිම් වලදී කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

තරගයේ අටවන ඉනිමේ දී ලකුණු ලබා නොදෙමින් ඉරාන කණ්ඩායමේ දැවීම් 3 පහසුවෙන් දවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස් කිරීමට සමත් වෙමින් තරගයේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත් විය. හේමන්ත පුෂ්පසිරි සහ සාදර අබේරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ඉනිමේ දී ලකුණු රැස් කළහ.

තරගයේ අවසන් ඉනිමේ දී තරගයේ ලකුණු තත්වය සමකර ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් ලබාදීමට ඉරාන කණ්ඩායම අවම වශයෙන් ලකුණු 8ක් රැස්කර ගත යුතුව තිබුන ද එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට ඔවුන් අසමත් විය.

අවසන් ලකුණු තත්වය : ශ්‍රී ලංකාව 10 – 02 ඉරානය

ඒ අනුව ලකුණු 10 – 2ක් ලෙස පළමු අවසන් පූර්ව තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

Photos : Sri Lanka vs Nepal | West Asia Baseball Cup 2019

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වේ.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ThePapare.com අප සියලුම තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ දසුන් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<