6 වන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය අද (3) රාත්‍රියේ ඉන්දියාවේ කොල්කටා ක්‍රීඩාංගනයේදි, සුවහසන් ප්‍රේක්ෂක උණුසුම මධ්‍යයේ එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විණි.

තරඟයේ කාසියේ වාසිය මුළු තරගාවලියේදීම මෙන්ම මෙවරත් කොදෙව්වන් හිමි කරගත් අතර සුපුරුදු පරිදිම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට අැරයුම් කරන ලදි.

©AFP
©AFP

ඒ් අවසරයෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ජේසන් රෝයි තමා මුහුණ දුන් 2 වන පන්දුවේදී ම දැවී යන ලදි. ලකුණු 8 ක් ලෙස ලකුණු පුවරුවේ දැක්වෙද්දී එක ලකුණක් ලබා සිටි ඇලෙක්ස් හේල්ස් දැවී යන ලදි. එංගලන්ත කණ්ඩායම ඒ වන විට ඉතා අසීරු තත්ත්වයක පසු විය. අනතුරුව පැමිණි ඉයන් මෝර්ගන් ද ලකුණු 5 කට දැවී යාමත් සමඟ එංගලන්තය තවත් අසරණ විය. අනතුරුව පිටියේ එක්වූ ජෝස් බට්ලර් හා ජෝයි රූට් ලකුණු 51 ක සබඳතාවක් 4 වන කඩුල්ල සඳහා ගොඩනංවන ලදි. 4 වන කඩුල්ල ලෙස ජෝස් බට්ලර් එක් 4 පහරක් හා 6 පහරවල් 3 ක් සමඟ ලකුණු 36 ක් ලබා සිටියදී දැවී ගිය අතර 5 වන කඩුල්ල ලෙස බෙන් ස්ටොක් ලකුණු 13 කට දැවී යන ලදි. ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් එක් වන විට තවත් කඩුළු 2 ක් දැවී යන ලදි. ඒ මොයේන් අලී ලකුණු නොලබා ම හා ජෝයි රෑට් පන්දු 36 කදී 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 54 ක් ලබා සිටින විටයි. ඩේවිඩ් විලී වේගවත්ව පිත්ත හසුරුවා පන්දු 14 කදී ලකුණු 21 කට දැවී යන ලදි. ලයිම් ප්ලන්කට් ලකුණු 4 ක් ලබා ගත් අතර, නොදැවී ක්‍රීඩා කල ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 12 ක් ද, අදීල් රෂීඩ් නොදැවී ලකුණු 4 ක් ද ලබා ගනිමින් පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 155 ක් ලබා ගන්නා ලදි.

අනතුරුව ලකුණු 156 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගල වන ක්‍රිස් ගේල් හා ජොන්සන් චාල්ස් ගේ සබඳතාව එක් ලකුණකට සීමා කරමින් ජොන්සන් චාල්ස් එක් ලකුණකට ද, ක්‍රිස් ගේල් ලකුණු 4 කට ද දැවී යන ලදි. ලෙන්ඩල් සිමන්ස් ලකුණු නොලබා 3 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 11  ක් ලෙස සටහන් විය. අනතුරුව පිටියේ එක්වූ ඩුවෙයින් බ්‍රාවෝ හා මාලන් සැමුවෙල් ලකුණු 75 ක සබඳතාවක් 4 වන කඩුල්ලට එක් කර ලකුණු පුවරුව සවිමත් කරන ලදි. ඩුවේන් බ්‍රාවෝ පන්දු 27 කදී ලකුණු 25 ක් ලබා සිටියදී දැවී යන ලදි. 5 වන කඩුල්ල සඳහා ලකුණු 18 ක සබඳතාවක් එක් වූ අතර 5 වන කඩුල්ල ලෙස එක් ලකුණක් ලබා සිටි ඇන්ඩෘ රසල් දැවී යන ලදි. තවත් ලකුණු 3 ක් ලකුණු පුවරුවට එක් වෙද්දී නායක ඩැරන් සමී ලකුණු 2 කට දැවී ගියේ ඔවුන්ගේ බලාපොරොත්තු බිද දමමිනි. අනතුරුව අවසාන පන්දුවාරයට ලකුණු 19 ක අවශ්‍ය වූ අතර  චාල්ස් බ්‍රාත්වේයිට් පන්දු 4 කදී 6 පහරවල් 4 ක් එල්ල කරමින් එංගලන්තය නොසිතූ ලෙස පරාජයට පත් කරමින් කඩුළු 4 කින් ජයග්‍රහණය කරන ලදි.

තරඟයේ වීරයා ලෙස මාලන් සැමුවෙල් ද, තරඟාවලියේ වීරයා ලෙස විරාට් කෝලි ද සම්මාන දිනා ගන්නා ලදි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අංශ 3 හිම ලෝක කුසලානයන් තම මව්බිමට රැගෙන ගිය අතර, ඔවුන් පන්දුවාර 20-20 ලෝක කුසලානය දිනාගත් දෙවන අවස්ථාවද මෙය විය.