කාන්තා විනිසුරුවරියන් ලෝක ක්‍රිකට් පිටිය ආක්‍රමණයට සූදානමින්

253

කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ලෝක තේරීම් තරග එළඹෙන අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ ලෝක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට නියමිතයි. ඒ එම තරගාවලිය සඳහා පූර්ණ කාන්තා විනිසුරුවරියන් මණ්ඩලයක් යොදාගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කිරීමත් සමඟිනි. 

යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස ……..

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් වූ ක්ලෙයාර් පොලෝසැක් හා එලෝසි ශෙරිඩන් එම තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි. මෙය එම විනිසුරුවරියන්ට වැදගත් සංධිස්ථානයක් වන අතර ඔවුන් දෙදෙනා 2018 වසරේ කාන්තා බිග් බෑශ් ලීග් තරගාවලියේ දී ප්‍රථම කාන්තා විනිසුරුවරියන් ලෙස කටයුතු කළේය. 

මෙම වසරේ මුල් භාගයේ නැමීබියාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා එක්වූ ප්‍රථම විනිසුරුවරිය බවට පත්වීමට ක්ලෙයාර් පොලෝසැක්ට අවස්ථාව උදා වූ අතර ඇය 2017 වසරේ ඕස්ට්‍රේලියාවේ දී දේශීය තරගාවලියක් සඳහා ද විනිසුරුවරියක් ලෙස එක්විය. 

“සම්පූර්ණ කාන්තා විනිසුරු මණ්ඩලයක් ප්‍රථම වතාවට ජාත්‍යන්තර තරගාවලියක දක්නට ලැබීම ඇත්තෙන්ම විශිෂ්ට දෙයක්” ක්ලෙයාර් පොලෝසැක් පවසා ඇත.

“ලෝකය පුරා සිටින කාන්තා විනිසුරුවරියන්ට මේක ලොකු අවස්ථාවක් වගේම ලොකු බලාපොරොත්තුවක් වේවි ඔවුන්ගේ මේ විනිසුරු වෘත්තීය ශක්තිමත් වීම.” 

ක්ලෙයාර් පොලෝසැක් හා එලෝසි ශෙරිඩන් සමඟින් තරග විනිසුරු කාර්‍යය සඳහා ජැකලින් විලියම්ස්, සූ රෙඩ්ෆර්න්, කිම් කොට්න් හා ලෝරන් ඇගෙන්බැච් එක්වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සංවර්ධිත විනිසුරු මණ්ඩලයේ සාමාජිකයන් වීම විශේෂත්වයකි. 

මෙම ලෝක කුසලාන තේරීම් තරග සඳහා කණ්ඩායම් 8ක් සහභාගි වීමට නියමිත අතර ඉන් කණ්ඩායම් දෙකක් 2020 වසරේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බන්, පර්ත් හා සිඩ්නි හි පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට නියමිතය. 

ඩොනල්ඩ් ඩක්ට උපත දුන් බ්‍රැඩ්මන්

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු එතෙක් මෙතෙක් ක්‍රිකට් ……

මෙම කාන්තා තරගාවලිය 2020 වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

2020 විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ. 

මෙම තරගාවලි ද්විත්වයේම අවසන් තරගය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. ඒ අනුව කාන්තා ක්‍රීඩා තරගයක් සඳහා සහභාගි වූ විශාලතම ප්‍රේක්ෂක සංඛ්‍යාව මාර්තු මස 8 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී දැකගැනීමට හැකිවන අතර එහි විශේෂත්වය නම් එදින ජාත්‍යන්තර කාන්තා දිනය වීමයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<