FIFA සුදුසුකම් ලැබීමේ තරග කල්‍ යයි

81

2022 දී කටාර් හි පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන ආසියානු සුදුස්සන් තේරීමේ තරග කල් දැමීමට FIFA සම්මේලනය හා ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ ආසියානු සාමාජිකයන්ගේ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව එම කමිටු විසින් පහත තීරණ ගෙන ඇත.

  • මීට පෙර ජාත්‍යන්තර කවුළුව තුළ 2020 මාර්තු 23-31 අතර සහ 2020 ජුනි 1-9 අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග පසු දිනවලට කල් තබනු ලැබේ.
  • FIFA සහ AFC කමිටු විසින් කල් දැමූ තරග පිළිබඳ වැඩි විස්තර සාකච්ඡා කරනු ඇත.

>>කටාර් ගිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ අවසන් 8 දෙනාට

කෙසේ වෙතත්, අදාළ සාමාජික සංගම්වලට සහයෝගය දැක්වීම සඳහා සියලුම පුද්ගලයින් සහ එකිනෙකාගේ සාමාජික සංගම් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන්නේ නම් හා අත්‍යවශ්‍ය ප්‍රමිතීන් සපුරන්නේ නම් එම තරග සැලසුම් කළ පරිදි ජාත්‍යන්තර කවුළු තුළ ක්‍රීඩා කළ හැකි බව ද එම කමිටු විසින් තීරණය කර ඇත. නමුත් එම තරග පැවැත්වීම සඳහා සෑම විටම FIFA සහ AFC යන දෙඅංශයේම පූර්ව අනුමැතිය අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම H කාණ්ඩයේ අවසන් තරග සඳහා උතුරු කොරියාව සමඟින් මාර්තු මස 26 වැනිදා Pyongyang හිදී ද, දකුණු කොරියාව සමඟින් මාර්තු 31 වැනිදා කොළඹ දී ද, අවසන් තරගය සඳහා ජුනි මස 4 වැනිදා ලෙබනනය සමඟින් ලෙබනනයේ දී ද තරග වැදීමට නියමිතව තිබුණි.

2020 ටර්ක්මෙනිස්තානයේ පැවැත්වෙන AFC ෆුට්සාල් ශූරතාවලිය 2020 අගෝස්තු 5-16 දක්වා කල්දැමීමට FIFA සහ AFC එකඟ වී ඇත. එම තරගාවලිය 2020 ලෝක ෆුට්සාල් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පැවැත්වේ.

ආසියානු පාපන්දුවටත් කොරෝනා ආසාදනය වෙයි

ආසියානු පාපන්දු සම්මේලනය විසින් ආසියානු …..

කොරියානු ජනරජය සහ චීන මහජන සමූහාණ්ඩුව අතර කාන්තා පාපන්දු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගය හැරුණු විට මීළඟ සුදුසුකම් ලැබීමේ ඔලිම්පික් පාපන්දු තරගාවලි පැවැත්වීම අවිනිශ්චිත වී ඇත. කොරියාව හා චීනය අතර කාන්තා පාපන්දු තරගය ජුනි මස 1-10ත් අතර පැවැත්වීමට නියමිතය.

COVID-19ට අදාළ තත්ත්වය FIFA සහ AFC විසින් අඛණ්ඩව ඇගයීමට ලක් කරනු ඇති අතර 2022 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වෙනස්කම් පිළිබඳව ඔවුන් එමඟින් තීරණය කරනු ඇත. මෙම තරගාවලි සම්බන්ධ සියලු තීරණ සෑම විටම ඊට සම්බන්ධ සියලු පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින් ගන්නා බව එම කමිටු පවසා ඇත.   

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<