වෙනස් වූ ලෝක මලල ක්‍රීඩා කාලසටහන එළිදැක්වේ

88
World Athletics

මෙම වසරට අදාළ අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගවාරය (international athletics season) එළඹෙන අගෝස්තු මාසයේ නැවත ආරම්භ කර ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

බාහිර පුහුණුකරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහනයක්

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසා මෙරට පාසල් වසා දැමීමට සිදුව ඇති නිසාවෙන් ..

එම කාලසීමාව, අගෝස්තු මස 11 වැනිදා ෆින්ලන්තයේ දී පැවැත්වීමට නියමිත මහද්වීපික තරගාවලියේ රන් කාණ්ඩයේ අදියරකින් (Continental Tour Gold event) ආරම්භ වන අතර ඔක්තෝබර් මස චීනයේ දී පැවැත්වීමට නියමිත “Diamond League” තරගාවලියෙන් අවසන් වේ.

මෙම තරග කාලසටහන පිළිබඳව දැනුම් දෙමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ සිටියේ, 

“නැවතත් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග කාලසටහනක් ලබා දීමට හැකි වීම පිළිබඳව මා සතුටු වෙනවා. මෙමගින් ඔවුන්ට යම් ආදායමක් උපයා ගැනීමට මෙන්ම ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා පුහුණුවක් ලබා ගැනීමට ද හැකි වනු ඇත.”

“කෙසේ නමුත් මේ වන විට පනවා අන්තර්ජාතික සංචාරක තහනම් නිසාවෙන් බොහෝ ක්‍රීඩකයන්ට යම් ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදු විය හැකි නමුත් අප බලාපොරොත්තු වනවා මෙම වසර අවසානය වන විට මෙම තත්වය යහපත් වී සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කර ගනිමින් විශාල මට්ටමේ ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට හැකි වේවි කියලා යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව මෙම වසරේ පැවැත්වීමට නියමිත “Diamond League” තරගාවලිය ද අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර රටවල් දහයකට ආසන්න සංඛ්‍යාවක් කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<