ප්‍රබල සටනක් ජය පරාජයෙන් තොරව නිමා වේ

409

අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ කොළඹ සහිරා සහ යාපනය මහජන යන විදුහල් අතර අද (12) පැවති තරගය ගෝල 1-1ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය.

තරගය පස්වරු 3.30ට රාජගිරියේ ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සාන්ත පීතර විදුහලට නොසිතූ පරාජයක්

අනාගත පාපන්දු තරු බිහි කිරීමේ සහ ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාව නැංවීම මුල්කොට ගනිමින් පැවැත්වෙන 2018 ThePapare පාපන්දු ශූරතාවයේ අද (11) පැවති …

C කාණ්ඩයෙන් තරග වදින ඉතා ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර තරගයක් වූ බැවින් බොහෝ දෙනෙකු මෙම තරගය දෙස අවධානයෙන් සිටි අතර මිනිත්තු 6ක් තුළ දී ගෝලයක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සහිරා විදුහලට හැකි විය. ගෝලයෙහි හිමිකරු වූයේ මොහොමඩ් අකීබ්ය.

23 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් සහිරා විදුහලට ලැබුණ ද එම අවස්ථාව ව්‍යර්ථ වූයේ මහජන විදුහලේ දැල් රකින ක්‍රීඩක ලක්ෂාන්ගේ හැකියාව නිසාය.

ඔහුගේ එම උත්සාහයට ඉහළ වටිනාකමක් ලබා දුන් මහජන ක්‍රීඩකයන් ඉන් මිනිත්තු දෙකක් ඉක්මවා ගිය පසු 25 වැනි මිනිත්තුවේ දී කැස්ත්‍රෝ විසින් ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-1ක් ලෙසින් තරගය සම මට්ටමට ගෙන ඒමට කටයුතු කරනු ලැබීය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් තවත් මිනිත්තු දෙකක් ඉක්මවා ගිය තැන 27 වැනි මිනිත්තුවේ දී මහජන විදුහල ඔවුන්ගේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට උත්සාහ කළ ද සහිරා විදුහලේ ගෝල රකින්නා විසින් එම උත්සාහය වළක්වාලන ලදි.

තරගයේ අතිරේක කාලයේ දී කොළඹ සහිරා විදුහලට දඬුවම් පහරක් ලැබුණ ද එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

ඒ අනුව පළමුවැනි වරට සංවිධානය කරනු ලබන 2018 ThePapare පාපන්දු ශූරතාවයේ මේ දක්වා පැවති තරග ත්‍රිත්වයෙහි දී දඬුවම් පහර 4ක් ගෝල බවට පරිවර්තනය කරගැනීමට නොහැකි වීම ද විශේෂ කරුණකි. (පළමුවැනි තරගයේ දී දඬුවම් පහර 2ක්, දෙවැනි තරගයේ දී සහ මෙම තරගයේ දී එක බැගින්)

පළමු අර්ධය: කොළඹ සහිරා විදුහල 01 – 01 යාපනය මහජන විදුහල

දෙවැනි අර්ධය ආරම්භයේ දී තරගය ඉතාම සෙමෙන් ගලාගෙන ගිය ද 55 වැනි මිනිත්තුවෙන් පසුව දෙපිලම ඔවුන්ගේ ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් තරගය ඉතා උණුසුම සහ වේගවත්ව ගලාගෙන යන ලදි.

පිළිවෙළින් 63 සහ 65 වැනි මිනිත්තුවල දී යාපනය මහජන විදුහලේ ක්‍රීඩකයන් සහිරා විදුහලේ දඬුවම් කලාපය ආක්‍රමණය කිරීමට උත්සාහ ගත්ත ද සහිරා විදුහලේ ආරක්ෂක පෙළින් ඒ සඳහා අවසර ලැබුණේ නැත.

දූෂණ චෝදනාව “ත්‍රිබල්” වෙයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව නැගෙන කාන්තා දූෂණ චෝදනාව ගැන දිගින් දිගටම පුවත් මැවෙමින් තිබේ. මේ වනවිට වාර්තා වන්නේ තවත් චෝදනා තුනක් ඊට එක්වී ඇති බවයි.

66 වැනි මිනිත්තුවේ දී සහිරා කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අනගි අවස්ථාවක් උදා වූවත් මහජන විදුහලේ ගෝල රකින්නාගේ අගනා උත්සාහය නිසා ඉන්පසුව ද තරගය පැවතියේ සම මට්ටමෙන්ය.

72 වැනි මිනිත්තුවේ දී කොළඹ සහිරා විදුහලට ගෝලයක් වාර්තා කිරීමට නැවත අවස්ථාවක් ලැබුණ ද එම අවස්ථාව ද ඔවුන්ගෙන් ගිලිහී ගිය අතර ඉන් මිනිත්තු කිහිපයකට පසුව මහජන විදුහල ලද අනගි අවස්ථාව ඔවුන්ගෙන් ද ගිලිහී යන ලදි.

දෙවැනි අර්ධය නිමා වූයේ කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා නොකරමිනි. ඒ අනුව තරගය ගෝල 1-1ක් ලෙසින් සම තත්වයෙන් නිමා වුණි. දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.

අවසාන ප්‍රතිඵලය: කොළඹ සහිරා විදුහල 01 – 01 යාපනය මහජන විදුහල

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

  • කොළඹ සහිරා විදුහල – මොහොමඩ් අකීබ් 5′
  • යාපනය මහජන විදුහල – කැස්ත්‍රෝ 25′

හෙට (13) ද තවත් තරග 4ක් පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල සහ කින්නියා අල් අක්සා විදුහල අතර තරගය උදෑසන 8ටත්, කොළඹ රාජකීය විදුහල සහ ගම්පොල සහිරා විදුහල අතර, මාවනැල්ල බදුරිය විදුහල සහ හමීඩ් අල් හුසේනී විදුහල අතර, ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ යාපනය සාන්ත පැට්‍රික් විදුහල අතර තරග සවස 3.30ටත් ආරම්භ වේ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<