මුත්තයියා සහ රොෂානුත් ඉල්ලීම අහක දමයි

353

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉකුත් 14 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයන් ලෙස පැමිණීමට සිදු කළ විවෘත ආරාධනය ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන මුත්තයියා මුරලිදරන් හා රොෂාන් මහානාම විසින් ප්‍රතික්ෂේප කර තිබේ

සංගා, මහේල, මුරලි, අරවින්ද සහ රොෂාන්ට උපදේශක තනතුරු?

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හිටපු ප්‍රවීණ ක්‍රිකට්

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා හා රොෂාන් මහානාම යන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයින් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයින් ලෙස පැමිණ වැඩ කටයුතු කරන්නැයි ඉල්ලා සිදු කළ විවෘත ආරාධනාවෙන් පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන එම යෝජනාව තරයේම ප්‍රතික්ෂේප කරමින් සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහනක් තබන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා සිදු කළ ඉල්ලීමකට අනුව ෆයිසර් මුස්තාෆා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවනන්ගේ උපදේශක ලෙස මුත්තයියා මුරලිදරන්ගේ ද සහය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය බව පැවසූ නමුත් ඒ සඳහා මුත්තයියා මුරලිදරන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ද එතරම් යහපත් නොවීය.

එම යෝජනාවට ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වූ මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියේ,

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ උපදේශකයකු ලෙස කටයුතු කිරීමට පැමිණෙන්න කියලා මා ඇතුළු තවත් අපේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට ක්‍රිකට් පරිපාලනය විසින් ආරාධනා කරලා තිබුණා. එ් පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. නමුත් මම දැක්කා මහේලත් මේ සම්බන්ධව ඔහුගේ අදහස් දැක්වීමේ දී පරිපාලනය පිළිබඳව විශ්වාසයක් නැති බව පවසලා තිබ්බා. මටත් එ් කාරණාවට එකඟ වෙන්න වෙනවා. මොකද මහේල ලා ක්‍රිකට් පරිපාලනය සමඟ එකතු වෙලා ලොකු වැඩ සැලැස්මක් හැදුවා, නමුත් එය බලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා සාර්ථක වුනේ නෑ.”

මහේල ක්‍රීඩා ඇමතිට පිළිතුරු දෙයි

ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වූ මුත්තයියා මුරලිදරන් කලක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ විශේෂඥ උපදේශක ලෙස ද කටයුතු කරන ලදි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරන රොෂාන් මහානාම මහතා ඊයේ (15) සවස ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ලිපියක් නිකුත් කරමින් ඔහුගේ අදහස් මෙසේ පවසා තිබේ.

“ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන දේශපාලනික මැදිහත්වීම් ඒ වගේම මෙහි ක්‍රියා පටිපාටිය පිළිබඳව කිසිදු විනිවිදභාවයක්, ප්‍රමිතියක් නොමැති බවක් මට පෙනෙන්නට තියෙනවා. ඒ නිසා මගේ ජීවිතයේ ඇති පෞද්ගලික ප්‍රතිපත්තිවලට අනුව මම මෙවන් මට්ටමින් වැඩ කටයුතු කිරීමට වැඩි කැමැත්තක් නෑ, එ් නිසා මම දැනට තෝරාගෙන තියෙන වැඩ ටික කරගෙන මා ඉදිරියට යනවා.” යැයි ක්‍රීඩා අමාත්‍යතුමා වෙත දන්වා ඇත.

මේ වන විට මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් හා රොෂාන් මහානාම ඔවුන් වෙත සිදු කළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා මෙතෙක් ඔවුන්ගේ ස්ථාවරත්වය පිළිබඳව අදහස් දක්වා නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<