විස්ඩන් 2000 දශකයේ T20 නායකත්වය ශ්‍රී ලංකාවට

140

ලොව ප්‍රසිද්ධම ක්‍රිකට් සඟරාව වන විස්ඩන් සඟරාව එක් එක් දශකවල හොඳම ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස සංචිත පසුගිය දා නම්කර තිබුණි. 

එහි දී 2000 දශකයේ හොඳම එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස සැලකෙන කුමාර් සංගක්කාර ද ඇතුළත් වන අතර කඩුලු රැකීමේ වගකීමට අමතරව කණ්ඩායමේ නායකත්වය ද හිමිව ඇත්තේ කුමාර් සංගක්කාරට ය. 

පන්දුව ඔප දාන්න ඛේටය භාවිතා කිරීම සදාකාලික තහනමක් ද?

මෙම කණ්ඩායම සඳහා ඇතුළත් වන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අජන්ත මෙන්ඩිස් නම් කර ඇත. 

CRICVIZ හි කතෘ හා විස්ඩන් හි සම කතෘ වන ෆ්‍රෙඩී විල්ඩි විසින් මෙම කණ්ඩායම තෝරාගෙන ඇත. මෙම තෝරාගැනීම සඳහා එම දශකය තුල එක් එක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා හා කණ්ඩායම් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇත. 

මෙම කණ්ඩායම තෝරාගනිමින් ෆ්‍රෙඩී විල්ඩි කුමාර් සංගක්කාර පිළිබඳව පහත ලෙස අදහස් දක්වා තිබුණි. 

මෙම දශකය තුළ කැපී පෙනෙන කඩුලු රකින්නන් දෙදෙනෙකු සිටියා. ඒ ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ කුමාර් සංගක්කාර. ක්‍රීඩකයන් දෙදෙනාම එක් තරගයකට ලකුණු +3.3ක සමාන පිතිකරණ බලපෑමක් වාර්තා කළා. නමුත් ක්‍රීඩකයන් දෙදෙනාම එකිනෙකට වෙනස් භූමිකාවන් ඉටු කළා. ගිල්ක්‍රිස්ට් සිය සියලු ඉනිම්වල දී ආරම්භක පිතිකරුවෙක් වුනා. ඔහු සුවිශේෂී ආක්‍රමණිකයෙකු වුනා. අනෙක් අතින් සංගක්කාර මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස පන්දුවට පහර දුන් අතර ඔහු අංක 3 ස්ථානයට මදක් වැඩි අවධානයක් යොමු කළා.

ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ක්‍රීඩා රටාව හතරේ පහර හයේ පහරවලින් ලකුණු රැස්කිරීමට වඩා ලකුණු 1 හෝ 2 ලබාගෙන පිතිකරුවන් පැති මාරුකරගෙන කරන ක්‍රීඩා රටාවක්. මේ 2000 දශකයේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වෙන්නේ මැතිව් හේඩ්න් හා විරේන්ද්‍ර ශෙවාග්. කණ්ඩායමේ සමතුලිතතාවයේ දී සංගක්කාර කණ්ඩායමේ ස්ථායීකාරකය වේවි. කණ්ඩායමේ වමත් දකුණත් සංයෝජනයට සංගක්කාරගේ දායකත්වය වැදගත් වේවි. 

ගිල්ක්‍රිස්ට් වැනි ප්‍රවේගකාරී ආරම්භකයින්ට වඩා සංගක්කාර වැනි දක්ෂ මැදපෙළ ක්‍රීඩකයින් සොයා ගැනීම දුෂ්කර ය.

කැංගරු බිමේ දී ටෙස්ට් ශතක ලැබූ සිංහයන්

මෙම කණ්ඩායමේ අංක 8 දඟපන්දු ‍යවන්නා සඳහා ෆ්‍රෙඩී විසින් ක්‍රීඩකයන් දෙදෙනෙකු යෝජනා කර තිබේ. ඒ නවසීලන්ත ක්‍රීඩක ඩැනියල් විටෝරි හා අජන්ත මෙන්ඩිස්ය. 

මෙම කණ්ඩායමේ විශේෂඥ දඟපන්දු යවන්නාගේ ස්ථානයට අබිරහස් පිට දඟපන්දු ‍යවන්නා වන අජන්ත මෙන්ඩිස් සහ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් විටෝරි නම් කරනවා. 

දකුණත් පිතිකරුවන් සිටින කණ්ඩායම්වලට එරෙහිව විටෝරි වඩා හොඳ විකල්පය වේවි. ඒ වගේම ඔහුගේ අමතර පිතිකරණය කණ්ඩායමට ශක්තියක් ලබා දෙනවා. වමත් පිතිකරුවන් සිටින කණ්ඩායම්වලට එරෙහිව තෝරා ගත යුතු පුද්ගලයා මෙන්ඩිස් වේවි. 

දශකය පුරා මෙන්ඩිස් එක් තරගයකට ලකුණු +4.5ක පන්දු යැවීමේ බලපෑමක් ලබා දුන් අතර එය විටෝරිගේ +4.9ට වඩා අඩු බලපෑමක්. නමුත් මෙන්ඩිස්ගේ කැරම් බෝලය ප්‍රබල පන්දු ‍යැවීමක්. එය සුනිල් නරීන් සහ රවිචන්ද්‍රන් අශ්වින් වැනි ක්‍රීඩකයින්ට ආස්වාදයක් ලබා දෙමින් ඇඟිලි මඟින් පන්දු කරකැවීමේ කලාව පරිවර්තනය කළ විප්ලවීය ඉදිරිපත් කිරීමක්. විටෝරි වඩාත් සාම්ප්‍රදායික ක්‍රම මගින් සාර්ථකත්වය සොයා ගත් නමුත් මේ ක්‍රීඩකයන් දෙදෙනාම සුවිශේෂී ලෙස ඵලදායි ක්‍රීඩකයන් වුනා.

කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරග 56කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 31.4ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 1382ක් වාර්තා කිරීමට සමත්ව ඇත. සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් විස්සයි විස්ස තරග සංඛ්‍යාව 21ක් වන අතර ඉන් 12ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. 

2008 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන අබිරහස් දඟපන්දු ‍යවන්නා ලෙස සැලකෙන අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 66ක් දවාගෙන ඇත්තේ තරග 39කට ක්‍රීඩා කරමිනි. එහි සාමාන්‍ය 14.4ක් ලෙස සටහන් විය.

මෙම කණ්ඩායම සඳහා වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාවයි. එම රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 3 බැගින් කණ්ඩායමට ඇතුළත් වන අතර පාකිස්තානය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින් ඇතුලත්ව ඇත. 

නීති විරෝධි වැඩ කළ ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම්

මෙම කණ්ඩායම සඳහා කිසිදු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් ඇතුළත් නොවීම කැපීපෙනෙන කරුණකි. 

 මෙම කණ්ඩායම සඳහා නම් කළ සම්පූර්ණ සංචිතය මෙසේයි. 

  • මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව)
  • විරේන්ද්‍ර ශෙවාග් (ඉන්දියාව)
  • කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) – කඩුලු රකින ක්‍රීඩක හා නායක
  • කෙවින් පීටර්සන් (එංගලන්තය)
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස් (ඕස්ට්‍රේලියාව)
  • යූසුෆ් පතාන් (ඉන්දියාව)
  • සහීඩ් අෆ්රිඩි (පාකිස්තානය)
  • ඩැනියල් විටෝරි (නවසීලන්තය) / අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)
  • ඩර්ක් නැන්ස් (ඕස්ට්‍රේලියාව)
  • ආර් පී සිං (ඉන්දියාව)
  • උමාර් ගුල් (පාකිස්තානය)

මේ සංචිතය ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<