මධ්‍යම පළාත නැවත තමන් සතු කරගත් ජාතික මහ ක්‍රීඩා උළෙලේ හොකි ශුරතාවලිය

282

41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික  හොකි තරග පසුගියදා ටොරිංටන් හි කෘත්‍රිම හොකි ක්‍රිඩාංගණයේදි අවසන් වු අතර එහිදි පිරිමි සහ කාන්තා හොකි ශුරතා ද්විත්වයම දිනා ගැනිමට මධ්‍යම පළාතට හැකි විය.

පිරිමි හොකි අවසන් මහා සටනේදී ගෝල 2-1 ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම පරාජයට කොට තියුණු ජයක් ලැබිමට මධ්‍යම පළාත් කණ්ඩායමට හැකි වු අතර එහිදි දක්ෂතම පිරිමි හොකි ක්‍රීඩකයා ලෙස ආර්.කේවිල්ලවරායන් සම්මාන ලැබිය.

කාන්තා හොකි අවසන් මහ තරගයේදි බස්නාහිර පළාත පරදවා ගෝල 7-0 ලෙස අති විශිෂ්ට ජයක් ලැබිමට මධ්‍යම පළාත් හොකි කණ්ඩායමට හැකි විය. එම්.ධම්මරත්න දක්ෂතම හොකි ක්‍රීඩිකාව ලෙස සම්මානට පාත්‍ර විය.

මේ අතර පිරිමි හොකි තෙවැනි ස්ථානය වයඹ පළාත් කණ්ඩායමට හිමි වු අතර කාන්තා හොකි තුන්වැනි ස්ථානය ලබාගැනිමට දකුණු පළාත් කන්ඩායම සමත් විය.