ඩැරන් බ්‍රාවෝ යළිත් කොදෙව් ටෙස්ට් සංචිතයට

257

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී අංක තුන ස්ථානය අත්පත් කරගෙන සිටින ප්‍රබල එංගලන්ත කණ්ඩායමෙන් තම නිජබිම තුල දී ම එල්ල වන ටෙස්ට් අභියෝගය සඳහා මුහුණ දීමට 13 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දිය කොදෙව් සංචිතය මාධ්‍ය වෙත එළිදැක්වීම ඊයේ (16) දිනයේ දී සිදු විය.

පැතුම් සහ චාමික අයර්ලන්තය මෙල්ල කරයි

පළමු ඉනිමේ පෑ දක්ෂතා හේතුවෙන් ආඩම්බරයෙන් සිටි සංචාරක අයර්ලන්ත A….

ඒ අනුව නවකයින් හට වැඩි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමේ අරමුණ පෙරදැරිව තම මංගල ටෙස්ට් තරගාවලිය සඳහා ජැමෙයිකානු ජාතික පිතිකරු ජෝන් කැම්බල් සහ බාර්බඩෝස් ජාතික ෂමාර් බෲක්ස් කැඳවීම් ලබා තිබීම කැපී පෙනේ.

පසුගිය වසර ආරම්භයේ දී ආබාධ තත්වයක් නිසාවෙන් දිගු කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අල්සාරි ජෝස්ෆ් තවමත් සුවය ලබමින් සිටින නිසාවෙන් අවශ්‍යතාවක් පැන නැඟුනහොත් ඔහු වෙනුවට යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඔශේන් තෝමස් සංචිතයට කැඳවා තිබේ.

උරහිස ප්‍රදේශයේ හට ගත් ආබාධයත් සමඟ නිමාව දුටු බංග්ලාදේශ තරග සංචාරය අහිමි කර ගත් නායක ජේසන් හෝල්ඩර් හට යළිත් වරක් කණ්ඩායම මෙහෙය වීමේ නායකත්ව වගකීම හිමිව ඇති අතර 2016 වසරේ නොවැම්බර් මාසයෙන් පසු සිය පළමු ටෙස්ට් ආගමනය සනිටුහන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඩැරන් බ්‍රාවෝ සංචිතය සමඟ නැවතත් එක්ව ඇත.

indiatimes.com            ජේසන් හෝල්ඩර්

ඩැරන් බ්‍රාවෝගේ යළි පැමිණීම ඇතුළුව ටෙස්ට් සංචිතයේ ක්‍රීඩක තෝරාගැනීම් සඳහා පදනම් වූ කරුණු පැහැදිලි කිරීම සඳහා කොදෙව් තේරීම්භාර කමිටු ප්‍රධානි කර්ට්නි බ්‍රවුන් මහතා මාධ්‍ය සාකච්ඡාව සමඟ එක්ව සිටියේය.

“ඩැරන් බ්‍රාවෝ නැවතත් කණ්ඩායම සමඟ එකතු වෙන එක පිතිකරණ අංශය ශක්තිමත් කරන්න වගේම දවස අවසානයේ කණ්ඩායමේ ප්‍රතිඵලය සුභදායී අතට හරවා ගැනීමට විශාල රුකුලක් වෙනවා නොඅනුමානයි. අල්සාරි ජෝසෆ් කියන්නේ ඉතාමත් දක්ෂ වේගපන්දු යවන්නෙක්. ඔහුගේ ආබාධ තත්වය යහපත් අතට හැරීම කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ දමන්න උදවු වුනා. අවුරුදු තුනක කාලයක ඉදන් අඛණ්ඩව පළමු පෙළ තරගවල දී බෲක්ස් පෙන්වූ විශිෂ්ට දක්ෂතා නිසා ඔහුව සංචිතයට එක් කරගන්න අපි තීරණය කළා.”

කොදෙව් ටෙස්ට් සංචිතය – ජේසන් හෝල්ඩර් (නායක), ක්රේග් බ්රේත්වේට්, ඩැරන් බ්රාවෝ, ජෝන් කැම්බෙල්, රොස්ටන් චේස්, ෂේන් ඩව්රිච්, ෂැනෝන් ගේබ්රියෙල්, ෂිම්රෝන් හිට්මේයර්, අල්සාරි ජෝසෆ්, ෂායී හෝප්, කිමා රෝච්, ජොමෙල් වොරිකන්, ෂමාර් බෲක්ස්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<