ගෙවුනු දවස සැප්තැම්බර් 11 – ලහිරු මිලන්ත 47න් නවතී

305

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ජයග්‍රහණය සාන්ත ඇලෝසියස් විදුහලට

pic 1 (2)

වයස අවුරුදු 19න් පහළ සිංගර් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු තරගය, B කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (11) ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පැවැත්විය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. මෙම තරගයෙන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

 

ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ 111 (41.1) – තක්‍ෂිල නිර්මාල් 52, හරීන් බුද්ධිල 5/27 සහ 148 (49.3) – ගලිඳු දෙව්මිණ 56, ඉරංග හෂාන් 27, ඉරුණ සිගේරා 21*, හරීන් බුද්ධිල 8/59, රවිඳු සංජන 2/36

සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල 254/8d (63.3) – රවිඳු සංජන 124, හරීන් බුද්ධිල 58, අශේන් බණ්ඩාර 39, ඉරංග හෂාන් 3/42, විමුක්ති ලංකා 2/24, දිනෙත් දමිඳු 2/68 සහ 6/0 (02)

සම්පූර්ණ වාර්තාව: සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පහසු ජයක්


දෙවැනි තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

pic 2 (4)

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකාව (BMS) කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්විය.

මෙම තරගය ද Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ අවසන් තරගාවලියේ තරගයක් විය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජයට පත්කරමින් ද, එක්සත් අරාබි එමීර් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කරමින් ද, ඊයේ පැවැත්වූ තරගය සඳහා සහභාගී විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය – 133/4 (20): මොහොමඩ් නයෙල් 31, රොහිත් ජම්වාල් 30*, ඉමෑඩ් මුස්තාක් 24, අක්තාබ්  කාඩර් 1/13, අමිල අපෝන්සු 1/17, විකුම් සංජය 1/27.

ශ්‍රී ලංකාව – 134/2 (13.3):  ලහිරු මිලන්ත 47, හශාන් දුමිඳු 40*,  මනෝජ් සරත්චන්ද්‍ර 23*, රොනක් කහන්දෙල්වාල් 1/29, මුකීත් බට් 1/30.

තරගයේ වීරයා – ලහිරු මිලන්ත (ශ්‍රී ලංකාව – BMS )

සම්පූර්ණ වාර්තාව: ලහිරු හා හශාන් තවත් දැවැන්ත ජයකට මඟ පාදයි

දිනයක අවසානය