ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 8 වැනි ස්ථානයේ පසුවෙන ශ්‍රී ලංකාව ද, 9 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් ද තමන්ගේ ස්ථාන තහවුරු කර ගැනීම අරඹයා පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.
කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්
එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට නිරුත්තර
සිංහ – කොදෙව් අතීතය
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මේ දක්වා තරග 57ක් පවත්වා ඇති අතර ඉන් තරග 26ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ. තරග 28ක් පරාජය වී ඇති අතර තරග 3ක් විසඳුමකින් තොරව අවසන් ව ඇත.
දෙරට කණ්ඩායම් අවසන් වරට හමුව ඇත්තේ 2019 ජූලි මස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයේ දී ය. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23කින් ජයග්‍රහණය කරන්නේ කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවේ ද වාර්තාව සතු කර ගනිමිනි. ඒ කඩුලු 6කට ලබා ගත් ලකුණු 338යි.
මෙම තරගයේ දී කොදෙව්වෝ ද කඩුලු 9කට ලකුණු 315ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද හොඳම ඉනිම වාර්තා කරන්නේය.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් වරට තනි තරගාවලියක යෙදී ඇත්තේ 2015 වසරේ ය. තරග 3කින් එම තරගාවලිය 3-0කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙන්නේය. ඇන්ජලෝ මැතිව්ස් එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය ජේසන් හෝල්ඩර් සතු විය.
ICC කැලැන්ඩරයෙහි ප්‍රබල වෙනසක් සිදුවන ලකුණු!
ක්‍රිකට් දින පොත යාවත්කාලීන කරමින් ලෝක මට්ටමින් පැවැත්වෙන තවත් ප්‍රධාන පෙළේ තරගාවලි.
ශ්‍රී ලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වෙන්නේ පාකිස්තානය සමඟ පැවති තරග 2කින් යුත් තරගාවලියේ දී 2-0ක පරාජයක් ලබමිනි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම නොමැතිව මීට මාස 3කට ප්‍රථම ලැබූ මෙම පරාජයෙන් පසුව කණ්ඩායමට ජ්‍යෙෂ්ඨයන් එක්වීම හේතුවෙන් තරගාවලියේ යම් ප්‍රගතියක් පෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙනු ඇතැයි සැමගේම බලාපොරොත්තුවයි.
දිමුත් කරුණාරත්න
කණ්ඩායමේ නායකයා ලෙසත් ආරම්භක පිතිකරු ලෙසත් දිමුත් කරුණාරත්නට මෙම තරගාවලියේ දී වැඩි යමක් සිදු කිරීමට සිදු වනු ඇත. වසර 8ක් පමණ වන දිමුත්ගේ එක්දින තරග ඉතිහාසයේ ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ මුහුණ දී ඇත්තේ එක් තරගයක් සඳහා පමණි. ඒ පසුගිය වසරේ නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ය. එම තරගයේ දී ලකුණු 32ක් ලබා ගන්නා දිමුත් නිමා වූ ආසන්නතම ඉනිම් 10 දී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 319කි.
ඇන්ජලෝ මැතිව්ස්

කුසල් පෙරේරා

ඔහු කොදෙව්වන්ට එරෙහිව මේ දක්වා තරග 6කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 238ක් ලබා සිටි. එහි හොඳම ඉනිම ලෙසින් වාර්තා වන්නේ 2015 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති තරගයක දී ලබා ගත් ලකුණු 99යි.
ඉසුරු උදාන

වනිඳු හසරංග

ශ්‍රී ලංකා සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර
Video – T20 නායකයා ලෙස මගේ බලාපොරොත්තුව පුහුණුකරුට උපරිම සහයෝගය ලබා දෙන්න – මාලිංග
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන එක්දින තරග තුනකින්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
බටහිර ඉන්දීය කොදෙව්වන් මෙරට පිවිසෙන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ තරග 3කින් සමන්විත තරගාවලියක් 2-1ක් සේ පරාජය වෙමිනි. තරගාවලියේ ප්‍රතිඵලය පරාජය වූව ද එම තරගාවලියේ දී කොදෙව්වන්ගේ දක්ෂතාවල සීග්‍ර වර්ධනයක් දැකගත හැකි විය.
විශේෂයෙන්ම පිතිකරුවන්ගේ විශ්වසනීය පිතිකරණය කණ්ඩායමේ තරගකාරීත්වයට ආභරණයක් වී ඇත. ඔවුන් ඒ බැව් මෙම සංචාරයේ පුහුණු තරග දෙකේ දී ම පෙන්වූහ.
කිරන් පොලාර්ඩ්

නිකලස් පූරාන්

රෝස්ටන් තේස්

කොදෙව් සංචිතය: කිරන් පොලාඞ් (නායක), ශායි හෝප්, ෆැබියන් ඇලන්, සුනිල් ඇම්බි්‍රස්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ශෙල්ඩන් කොට්‍රල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝෂප්, බ්‍රැන්ඩන් කිං, කීමෝ පොල්, නිකලස් පූරන්, රෝමන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඞ් සහ හේඞ්න් වෝල්ෂ්
එස්. එස්. සී. ක්‍රීඩාංගණය
ටෙස්ට් ක්‍රිකට් තරගවලට ක්ෂේම භූමියක් ලෙසින් සැලකෙන එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ වැඩි වාසියක් ඇත්තේ දඟපන්දු යවන්නනට බැව්ය පැවැසෙන්නේ. ඒ බැවින්ම බොහෝ කණ්ඩායම් කාසියේ වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනි. කෙසේ වෙතත් මෙවර මේ ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වෙන්නේ 2017 අප්‍රේල් මාසයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් අනතුරුව ය.
තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















