කොදෙව්වෝ නිරෝධානයට, එංගලන්ත සංචාරයට කොළ එළියක්!

53

එංගලන්තය තුල පැවැත්වීමට සැලසුම් කොට තිබූ සියලුම දේශීය සහ අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරග එළඹෙන ජූලි මස 1 වැනිදා දක්වා කල් දැමීමත් සමඟම ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට එම තරගාවලි සංවිධායකයින් පසුගිය දිනෙක කටයුතු කෙරෙණි.

Hundred කල්දැමීම සම්බන්ධයෙන් රෝයි කනස්සල්ලෙන්

පසුගිය වසරේ දී නිමාවට පත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අත්පත් කර …..

කෙසේ නමුත් මේ වන විට තරගාවලිය ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා දෙපාර්ශයේම ක්‍රිකට් ආයතන විසින් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර එහි දී ජූලි 1 වැනිදායින් අනතුරුව තරගාවලිය දියත් කිරීමේ සම්භාවිතාවක් ඇති බවට ඉඟියක් ලබා දීමට ද ඔවුන් කටයුතු කොට තිබුණි.

උද්ගත විය හැකි ගැටලු සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග අතරින් කොදෙව් ක්‍රීඩකයින් එංගලන්ත තරගාවලියට පෙරාතුව දින 14ක කාලයක් සඳහා නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීම පිළිබඳව කතිකාවතක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය බොහෝ දුරට එළඹෙන ජූලි මස 8 වැනිදායින් පසුව පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතින අතර කොදෙව් ක්‍රීඩකයින් ජුනි මස මැද භාගයේ දී සත්කාරක දේශය වෙත පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

තවද කොදෙව් ක්‍රීඩකයින් නිරෝධායනය විය යුතු කාලසීමාව සම්බන්ධයෙන් ද මේ දිනවල සාකච්ඡා කරමින් පවතින බවත් දැනට ලබා දී ඇති විසඳුම් අතරින් දින 14ක කාලපරිච්ඡේදයක් මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් වනු ඇති බවට අනුමාන කෙරේ.

ගෞරව පදක්කමත් සමඟින් ටේලර්ගෙන් ප්‍රතිඥාවක්

ප්‍රවීණ පිතිකරු රෝස් ටේලර් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි උපරිම ….

විදේශයන්ගෙන් සිට පැමිණෙන්නන් හට තවමත් කිසිදු සංචාරක තහනමක් පැනවීමට එංගලන්ත රජය මෙතෙක් කටයුතු කොට නොමැති නමුත් එම සංචාරකයින් විශේෂ පරීක්ෂණයන්ට භාජනය කරමින් නිරෝධායන කාර්යයන් සඳහා යොමු කිරීමට එරට සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.

කෙසේ නමුත් කොදෙව් සහ එංගලන්ත ක්‍රිකට් ආයතන අතර මේ දක්වා පැවති සියළුම ද්විපාර්ශ්වික සාකච්ඡා සුභදායී ලෙස අවසන් වී ඇති නිසාවෙන් තරගාවලිය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ඇතැම් ක්‍රීඩා විචාරකයෝ මත කළ කර සිටිති.

තරග නැරඹීමට ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් එකවර රැස්වීමේ වැඩි ඉඩකඩක් පවතින නිසාවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට එය බාධාවක් විය හැකි බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබේ. ඒ අනුව ප්‍රේක්ෂකයින්ගේ තොර හුදකලා ක්‍රීඩාංගණයන්ගේ තරග සංවිධානය කිරීමට කටයුතු කරන බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කොට තිබුණි.

ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ අයර්ලන්තය ද මෙම තරග වාරයේ දී එංගලන්තයෙහි සංචාරය කිරීමට නියමිත අතර තමන් සත්කාරකත්වය දරන එම සියලුම අන්තර්ජාතික තරගාවලින් ජූලි මාසයෙන් ආරම්භ වී සැප්තැම්බර් මස අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද එංගලන්ත ක්‍රිකට් ප්‍රධානී හූ අවධාරණය කර සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<