1950 වසරේදී ආරම්භ කරනු ලැබූ  ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය විසින්, 1960 දී ආරම්භ කරනු ලැබූ ජාතික ජ්‍යේෂ්ඨ ශූරතා පැසිපන්දු තරගාවලිය 51 වන වරටත් පැවැත්වීමට මේ වන විටත් සියල්ල සුදානම් වන අතර තරගාවලිය කොළඹ, මහනුවර, අනුරාධපුර, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team…

තරගාවලියේ ආරම්භක අවධියේ දී ආරක්ෂක අංශ කණ්ඩායම් ඒකාබද්ධව තරගාවලියට එක්වුණු අතර පසුව ගුවන් හමුදා කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායම, යුධ හමුදා කණ්ඩායම හා පොලිස් පැසිපන්දු කණ්ඩායම් වශයෙන් වෙන්ව තරගාවලියට එක්විය.

10603830_10153725757424251_4603473578195606395_o (1)
2015 වසරේ ශුරයන් වූ වෙළඳසේවා කණ්ඩායම කුසලානය සමගින්.

වසරක නිහැඬියාවකින් පසුව පැවැත්වෙන ජාතික ශූරතාවලියෙහි ගියවර ශූරයින් ලෙස කිරුළු දැරීමට වෙළඳසේවා කණ්ඩායම සමත් වූ අතර කාන්තා අංශයේ ජය නාවික හමුදා කාන්තා පිළ විසින් ජයග්‍රහණය කරන ලදී. පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී වෙළඳසේවා කණ්ඩායම මගීන් ගුවන් හමුදා පිල පරාජයට පත්කල අතර, කාන්තා අංශයේ අවසන් තරගයේදී නාවික හමුදා කාන්තා පිල හමුවේ පරාජය වීමට වෙළඳසේවා කාන්තා කණ්ඩායමට සිදුවිය.  

අවසන් වසර 10ක කාලය තුල පිරිමි අංශයේ ශූරතාවයට වැඩිම වාර ගණනක් හිමිකම් කීමට   වෙළඳසේවා කණ්ඩායම සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර ඔවුන් තම පළමු ශූරතාවය 2000 වසරේ හිමිකරගත් අතර ඉන් වසර 9ක් පිට පිට ශූරතාවයට හිමිකම් කීම කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ දක්ෂතාවයන් මනාව පිළිබිඹු කරන්නකි.

1978364_10153725745854251_3621948611183953830_o (1)
2015 වසරේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ගුවන් හමුදා කණ්ඩායම

2009 වසරේදී කොළඹ දිස්තික් කණ්ඩායම හමුවේ අවසන් තරගයේදී පරාජයට පත්වන්නට ඔවුන්ට සිදුවූවත්, නැවත 2010 වසරේ අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කර ශූරතාවය තමන් සතුකරගන්නට සමත්විය. එසේම 2010 වසරේදී පිරිමි හා කාන්තා යන අංශ දෙකේම ශූරතාවය වෙළඳසේවා කණ්ඩායම් සතුවීමත් විශේෂ සිදුවීමකි.

තවද තරගාවලියේ ඉතිහාසය තුල වසර 22 දිගු නිහැඬියාව බිදහෙලමින් ජාතික ජ්‍යේෂ්ඨ ශූරතා පැසිපන්දු තරගාවලියක් තමන් සතු කරගැනීමට, පාසල් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු කණ්ඩායම සමත් වීම තවත් කැපීපෙනෙන සිදුවීමකි.  2012 වසරේ අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 65-41ක් ලෙස පරාජය කළ ඔවුන්, කුසලානය තමන් සතු කරගැනීමට සමත් විය. මෙහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කළ නායක ප්‍රනීත් උඩුමලගල සමත්විය. මෙහිදී ප්‍රබල වෙළඳසේවා කණ්ඩායමට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

10860940_10153725745334251_6834626594680571381_o
2015 වසරේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ වෙළඳසේවා කණ්ඩායම

එම තරගාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම පරාජය කළ වෙළඳසේවා කාන්තා කණ්ඩායම විසින් දිනාගන්න ලදී. කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය වෙළඳසේවා කාන්තා කණ්ඩායමේ කුමරින් ද සිල්වා ක්‍රීඩිකාව දිනාගන්නා ලදී. ඇය 2010 වසරේදී ද මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මනයට පාත්‍ර විය.

තරගාවලිය පුළුල් කරනු වස් මෑත කාලයේදී තරගාවලිය කාණ්ඩ වශයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී පිරිමි අංශය යටතේ මට්ටම් 3ක් ද, කාන්තා අංශය යටතේ මට්ටම් 2ක් ද වශයෙන් තරගාවලිය පැවැත්වේ.

මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් අතරින් වෙළඳසේවා පිරිමි කණ්ඩායම පිලිබඳව වැඩි අවදානයක් යොමුවී ඇත. එයට හේතුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් රැසකගේ දායකත්වය ඔවුන් සතු වන නිසායි. කණ්ඩායමේ නායකත්වය  රොෂාන් ප්‍රනාන්දු ක්‍රීඩකයාට හිමිව ඇති අතර පුහුණුකරු ලෙස පණ්ඩුක රණසිංහ මහතා පත්කර ඇත. එසේම ගියවර අනුශූරයන් මෙන්ම 2016 වසරේ ආරක්ෂක අංශ ශූරයින් වන ගුවන් හමුදා කණ්ඩායම පිළිබඳව ද අවදානය යොමුව ඇත.

කාන්තා කණ්ඩායම් අතරින් ගියවර අනුශූරියන් වූ වෙළඳසේවා කාන්තා කණ්ඩායම අවදානය දිනාගන්නට සමත් වී ඇති අතර පුහුණුකාර තනතුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ (කාන්තා) පුහුණුකරු වන තුවාන් අහමත් මහතාට හිමිව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට