ශ්‍රීධර්, ජොන්ටි රෝඩ්ස්ට වඩා හොඳ පන්දු රකින්නන් පුහුණුකරවන්නෙක්

206
Shankar Narayan/Hindustan Times

“මට හොඳටම විශ්වාසයි මගේ සම්මුඛ සාකච්ඡාව ඔහුගේ එක තරම් හොඳ නැති බව. ඔහු පහුගිය අවුරුදු කිහිපය තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පුහුණුකරුවා. ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම ඔහු සමඟ යම් සැලසුමකට වැඩ කළ බවක් පෙනෙනවා. 

ඒ වගේම අපට පෙනෙන ප්‍රගතිය ඉබේම ලැබෙන්නක් නොවේ. මා යම් තාක් දුරකට ඔහු තෝරා ගනිවී කියා බලාපොරොත්තුවෙන් සිටියේ.”

ලොව එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට පහළ වූ විශිෂ්ටතම පන්දු රකින්නා ලෙස අවිවාදයෙන්ම සැලකෙන ජොන්ටි රෝඩ්ස් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රකින පුහුණුකාර ධූරයට තමා තෝරා නොගැනීම ගැන සිය අදහස ප්‍රකාශ කළේ ඒ ආකාරයෙන්ය.

විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිම ලෙසටම….

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුරු සඳහා අයදුම්පත් මෑතක දී කැඳවණු ලැබූ අතර එහි පන්දු රකින පුහුණුකරුවාගේ තනතුර සඳහා වර්තමාන ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර්, ජොන්ටි රෝඩ්ස් සහ අභේ ෂර්මා යන අයවළුන් ඉදිරියෙන්ම සිටියහ.

එම්. එස්. කේ ප්‍රසාද් මූලිකත්වය දැරූ ඉන්දීය තේරිම් කමිටුව නැවත වතාවක් ආර්. ශ්‍රීධර් ඉන්දීය කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරුවාගේ තනතුරට තෝරා ගැනීමත් සමඟ රෝඩ්ස් මුල්ම වතාවට ප්‍රතිචාරය දැක්වූයේ තමා එය යම් තාක් දුරකට දැන සිටි බව පවසමින්ය.

“පන්දු රකින පුහුණුකරුවා ලෙස මම දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ 2007 ලෝක කුසලානය තෙක් කටයුතු කළා. ඉන්පසුව මම වැඩිම කාලයක් ගත කළේ ඉන්දියාවේ පමණයි. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන ආකාරයට වඩා අවබෝධයක් මට ඉන්දියාව ගැන තිබෙනවා.”

ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉන්දියානු තේරිම් කමිටුව හා සම්මුඛ සාකච්ඡාවට එක්වූ ජොන්ටිට ඉන්දියාව සමඟ ඇත්තේ ඉතාම කිට්ටු සම්බන්ධතාවයකි. ඒ සබඳතාවය කෙතරම් සමීප ද යත් ජොන්ටි සිය දියණියට නම තබා ඇත්තේත් ‘ඉන්ඩියා’ නමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<