දෝනි ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු වූවා නම් …

426

මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ද ඉතිහාසගත මතකයන් එක්කළ ක්‍රීඩකයෙකි. එතරම් සේවයක් කළ ද තමන්ට හිමිකර දෙන්නට ගිය ගෞරවයක් ඔහු විසින් ගෞරවනීය ලෙස ප්‍රතික්ෂේප කර ඇති පුවතක් වාර්තා වේ.

ජාර්කන්ද් නම් දෝනිගේ උපන් නගරයේ පිහිටි රන්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ මහේන්ද්‍ර සිං දෝනිගේ නමින් ප්‍රේක්ෂකාගාරයක් විවෘත කිරීමට ජාර්කන්ද් ක්‍රිකට් සංගමය තීරණය කොට තිබුණි. මාධ්‍ය කවුළුවට ඉහතින් ඇති ප්‍රේක්ෂකාගාරය සහ VIP ප්‍රේක්ෂකාගාර ද දෝනිගේ නමින් නම් කිරීමට ඔවුන් තීරණය කළේ පසුගිය මහා සභා රැස්වීමේ දී බවයි වාර්තා වන්නේ.

මේ බව දෝනිට පැවසීමෙන් පසුව දෝනි පිළිතුරු දී ඇත්තේ මෙසේයි.

මගේ ගෙදර මගේ නමින් මොනවා අරින්න ද අයියේ?”

rediff.com – විවෘත කරන්නට නියමිත M.S.දෝනි ප්‍රේක්ෂකාගාරය

කෙසේ නමුත් දෝනිගේ නිහතමානී බව අගය කරමින්ම මේ වන විට පැවැත්වෙන ඉන්දියා – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ මීළඟ තරගය රන්චි හිදී ඇරඹෙන්නටත් ප්‍රථම ප්‍රේක්ෂකාගාරය “M.S. දෝනි ප්‍රේක්ෂකාගාරය” ලෙස නම් කොට ඇත.

තම වයස පිළිබඳ මාධ්‍යයෙන් විවේචන එල්ල වෙද්දී අවසන් තරගාවලි දෙකෙහි දී ම දෝනි තමන්ගේ දස්කම් ප්‍රේක්ෂකයන් හමුවේ ඔප්පු කර පෙන්වා ඇත. එබැවින් මේ ඔහුට ගෞරව හිමිවීමට හොඳම කාලයයි. දෝනි ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු වූවා නම්…..

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<