ලෝක කුසලානයට එන අයර්ලන්ත T20 සංචිතය

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

238
Ireland announce T20 World Cup Squad

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වන අයර්ලන්ත සංචිතය අද (9) ප්‍රකාශයට පත් කෙරුණා.

Andrew Balbirnieගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද මේ සංචිතය සඳහා නම් කිරීමට අයර්ලන්ත ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා නොමැති 22 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක Graham Kennedy ද මේ අයර්ලන්ත ලෝක කුසලාන විස්සයි විස්ස සංචිතයට ඇතුළත්.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝම්බර් 18 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙනු ඇත.

අයර්ලන්ත විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය (අතිරේක ක්‍රීඩකයින් ද සමඟ) – Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Shane Getkate, Graham Kennedy, Josh Little, Andrew McBrine, Barry McCarthy, Kevin O’Brien, Neil Rock, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<