නැගී එන ක්‍රීඩකයන්ටත් වර්ෂාව හරස් වෙයි

West Indies Academy tour of Sri Lanka 2026

1
Cricket

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වූවා.

මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී (22) පැවැත්වීමට නියමිත ව තිබුණ ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ නොකරමින් තරගය නතර කිරීමටයි තරග තීරක මනෝජ් මෙන්ඩිස්, පිටියේ විනිසුරුවන් වූ රැන්මෝ මාටිනස් සහ චන්ද්‍රික අමරසිංහ කටයුතු කළේ.

දෙරට ක්‍රීඩකයෝ මීට පෙර සිව් දින නිල නොලත් ටෙස්ට් තරග ද්විත්වයකට සහභාගී වූ අතර එම තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.

එම තරගාවලිය මෙහෙයවීමේ වගකීම දිනුර කළුපහන සතු වූව ද එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබුණේ නිපුන් ධනංජය. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සුපුරුදු ලෙසින් ම Rivaldo Clarke වෙත බාර දී තිබුණා.

දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 24 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<