හිටපු නායක පියා අතින් වත්මන් නායක පුතාට ජර්සිය ප්‍රදානය කරයි

81

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග වදින කණ්ඩායමක් වන වෙස්ලි විදුහලේ අනුග්‍රාහකයින් වන DEEDAT, Commercial බැංකුව, CDB බැංකුව හා සිංගර් ආයතන හඳුන්වා දීමේ හා වෙස්ලි විදුහලේ නිල රග්බි පන්දුව එලි දැක්වීමේ මාධ්‍ය හමුවක් හා උත්සවයක් ඊයේ (01) වෙස්ලි විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විය.

මාධ්‍ය සාකච්ඡාවේ දී අනුග්‍රාහක ආයතන විසින් චෙක්පත් පාසල වෙත ප්‍රදානය කිරීමට අමතරව පාසලේ නිල රග්බි ජර්සිය සමඟින් නිල පන්දුව ද මාධ්‍ය වෙත එළි දැක්වීම ද සිදු කරන ලදි.

සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ කුසලානයේ අවසන් අසුන් සඳහා…

මාධ්‍ය හමුවට සහභාගී වූ වෙස්ලි විදුහලේ පුහුණුකරු පෝල් ටොයියා මහතා මෙසේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“මෙම තරුණයින් පුහුණු කිරීම මා ලද භාග්‍යයක්, ඒ වගේම පුහුණුවීම්වල දී වගේම ඉන් පිටතදීත් පාසලේ සියලු දෙනා මට හොඳ සහයෝගයක් දෙනවා.”

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තම ක්‍රීඩකයින් තමන් යටතේ පුහුණුවනවා සේම සංගීත ගුරුතුමිය යටතේ ද ගීත ගායනා කිරීමේ පුහුණුවක් ලබා ගන්නා බවයි. (සිනා සෙමින්) “උත්සාහක දිනුමක් වාර්තා කරලා කෑකෝ ගහනවට වඩා සිංදුවක් කියන එක අලංකාර දසුනක් වේවි” යැයි ඔහු පැවසුවේ සිනහ මුසු මුහුණෙනි.

එසේම මෙම කර්තව්‍යයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නවසීලන්ත All Blacks ක්‍රීඩක රොඩ්නි සොයාලෝ පවසා සිටියේ “මේ කණ්ඩායම තුල විශාල ශක්තියක් ඇති බව මා විශ්වාස කරනවා. මං කැමතියි මේ කණ්ඩායම අවසන් මහා තරගයේ සිටිනවා දකින්නට.”

ඉන්පසුව 2019 වසරේ වෙස්ලි විදුහලේ නිල රග්බි පන්දුව එලි දැක්වීමේ කර්තව්‍යය සිදු වූ අතර ඒත් සමඟින් නිල ජර්සිය ද ක්‍රීඩක අයිතියට පත්කෙරුනි. එහි දී සාම්ප්‍රදායිකව පසුගිය වසරේ නායකයා නව නායකයාගේ මවට හෝ පියාට නිල ජර්සිය ලබා දීමක් සිදු වුවද, මේ වසරේ නායකයාගේ පියා පාසලේ සිටි හොඳම නායකයින් අතරින් එක් අයකු වන නිසා ඔහු අතින්ම මත පුතනුවන්ට ජර්සිය ලබ දීම ද කැපී පෙනුනි.

ඉන්පසු වසරේ පුහුණුකාර මඬුල්ල හඳුන්වා දීම සිදු කළ අතර 2019 වසරේ වෙස්ලි විදුහල් පළමුපෙළ කණ්ඩායමට ආශීර්වාද පතා විශේෂ දේව මෙහෙයක් ද ඉටු කරමින් මෙම උත්සවය අවසන් කෙරුනි.

විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් අද (28) CR&FC…

2019 පාසල් රග්බි ලීගයේ තම මංගල තරගය ක්‍රීඩා කිරීමට වෙස්ලි කණ්ඩායම සූදානමින් සිටින්නේ මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිවයි. තරගය මාර්තු 3 වැනිදා (හෙට) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සියලු තතුවිත්ති ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<