“ටෙස්ට් ක්‍රීඩාවට අලුත් ප්‍රේක්ෂකයන් පිරිසක් රැගෙන එනවා” – බෙන් ස්ටෝක්ස්

947
AP news

ඉන්දියා-එංගලන්ත 2021/22 ටෙස්ට් තරගාවලියේ පස්වැනි ටෙස්ට් තරගය කඩුලු 7කින් විශිෂ්ට ලෙස ජය ගැනීමෙන් පසුව එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් මාධ්‍ය වෙත අදහස් පලකළා.

ජෝ රූට් (142*) සහ ජොනී බෙර්ස්ටෝව් (114*) ලකුණු 378ක ඉලක්කය සපුරමින් තරගය අවසන් කළේ පන්දුවාර 70ක් පමණ භාවිතා කරමින්. ලකුණු 269ක නොබිඳුණු සබඳතාවක් ජයග්‍රාහී සබඳතාවය වුනා.

එය එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමයි. ඉන් පෙර අළුබඳුන තරගාවලියක දී ලකුණු 359ක ඉලක්කයක් ඔවුන් විසින් සාර්ථකව හඹාගොස් තිබුණේ වත්මන් නායක ස්ටෝක්ස්ගේ විශිෂ්ට නොදැවුණු ශතකයක් සහිතවයි.

දැන් අපේ ක්‍රීඩාගාරයේ තියෙන විදියේ පැහැදිලි බවක් ඔබට තිබෙනකොටඉලක්කයන් සහ සමස්ත ක්‍රීඩාවම ගොඩක් පහසු වෙනවා”, ත්‍යාග ප්‍රදානොත්සවයේ දී ස්ටෝක්ස් එසේ පැවසුවා.

සති පහකට කලින් ඒ ඉලක්කය (378) අපිව බය කරන සුළු එකක් වෙන්න තිබුණා. ඒත් ඔක්කොම හොඳින්.”

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන කොහොමද කියන එක නැවත ලියන්නයි අපට ඕන. විශේෂයෙන්ම එංගලන්තයේ දී. අපි ටෙස්ට් ක්‍රීඩාවට අලුත් ප්‍රේක්ෂකයන් පිරිසක් රැගෙන එනවා. අපට සලකුණක් තබන්න අවශ්‍යයි”,  වැඩිදුරටත් පැවසුවා.

පළමු ඉනිමේ ලකුණු 132ක් පසුපසින් සිට ඔවුන් තරගය ජයග්‍රහණය කිරීම දක්වා ආ ගමන විශේෂ එකක්. රූට් සහ බෙර්ස්ටෝව් ක්‍රීඩා කළ ආක්‍රමණශීලී විලාශය, බ්‍රෙන්ඩන් මැකලම් විසින් එංගලන්ත පුහුණුකාරීත්වය භාර ගත් දිනයේ සිටම ඔවුන්ට තිබූ පැහැදිලි දැක්ම සනාථ කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<