ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරගවල කාලසටහන

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

1000
Warm-up fixtures confirmed for Cricket World Cup Qualifier

සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

ජුනි 18 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එය මෙම තීරණාත්මක තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වලට ඉතා වැදගත් වෙනවා.

දින දෙකක් තුළ මෙම පුහුණු තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පළමු තරග කිහිපය ජුනි 13 වැනිදා සහ අනෙක් තරග ජුනි 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ගැනීමේ ස්ථාන දෙකක් සඳහා මෙම තරගාවලියේ දී තරග වැදීමට නියමිත අතර සුපිරි හය දෙනාගේ වටයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් 2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

තරගාවලියේ පුහුණු තරග කාලසටහන

ජුනි 13, අඟහරුවාදා

  • බටහිර ඉන්දිය කොදෙව් සහ ස්කොට්ලන්තය
  • සිම්බාබ්වේ සහ ඕමානය
  • නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය
  • අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ජුනි 15, බ්‍රහස්පතින්දා

  • නේපාලය සහ ඕමානය
  • බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය
  • අයර්ලන්තය සහ නෙදර්ලන්තය
  • ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය

මෙම තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<