CR&FC කබලෙන් ලිපට; ක්‍රීඩකයෙකුට තරග තහනමක්

346

මේ දිනවල ගැටලු රැසකට මුහුණ පා සිටින CR&FC ක්‍රීඩා සමාජය තවත් ගැටලු රැසකට ඇද දමමින් එහි ඉදිරි පෙළ ක්‍රීඩක වජිඩ් ෆව්මි හට තරග දෙකක තරග තහනමක් පැනවීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ පසුගිය සති අන්තයේ දී (9 වන සති අන්තයේ) CH&FC කණ්ඩායමේ අනුරාධ හේරත් හට භයානක බාධා කිරීමක් (Tackle) සිදු කිරීම හේතුවෙනි.  

CR පුහුණුකරු ඉල්ලා අස්වේ

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී ප්‍රබල CR&FC කණ්ඩායම නොසිතූ ලෙස අසාර්ථක වීමත් සමඟ CR ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා එම ක්‍රීඩා සමාජයේ…

පසුගිය සෙනසුරාදා (12) තුරඟ තරග පිටියේ පැවතී CH – CR ගැටුමේ දී මෙම සිදුවීම සිදු වූ අතර පන්දුව රැක ගැනීමට ගුවනට මුසුව සිටි අනුරාධ හේරත් හට නීති විරෝධී බාධා කිරීමක් සිදු කරමින් ඔහු බිම හෙළන්නට වජිඩ් කටයුතු කර තිබුණි. එම බාධා කිරීම ඉතා භයානක වූ බැවින් පිටියේ විනිසුරු ආකිල් ජමල්දීන් මහතා ඔහුට කහ කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට ද කටයුතු කරන ලදි. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව තරග කොමසාරිස්වරයා විසින් සිදුවීම අදාළ පාර්ශව වලට දැනුම්දීමෙන් අනතුරුව වජිඩ් ෆව්මි වෙත තරග දෙකක තරග තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ.  

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ලෝක රග්බි ආයතනය විසින් ඉතා වැදගත් ලෙස සලකනු ලබන අතර භයානක බාධා කිරීම් හා අනවශ්‍ය බාධා කිරීම්වලට පනවන දඬුවම් ද ඔවුන් විසින් ඉහළ දමා තිබේ. 2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භයේ දී ද මෙවන් සිදුවීමක් වාර්තා වූ අතර එහි දී ගුවන් හමුදා ක්‍රීඩකයෙකුට ද තරග දෙකක තහනමක් හිමි විය.

CH එල්ල කළ අභියෝගය හමුවේ CR නිරුත්තර වෙයි

2018/19 ඩයලොග්’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ සත්කාරක CH&FC කණ්ඩායම සහ CR&FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග පිටියේ දී අද (12) පැවැත්වුණු …

21 හැවිරිදි ෆව්මි ලොන්ඩන් පෙදෙසේ CR&FC ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය පළමු තරගවාරය ක්‍රීඩා කරන අතර ඒ අනුව ඔහුට එළඹෙන සති දෙකේ දී පැවැත්වීමට නියමිත හැව්ලොක් තරගය හා නාවික හමුදා තරගය අහිමි වනු ඇත.

ඔහුගේ තරග තහනම ලොන්ඩන් පෙදෙසේ රතු කමිස කරුවන්ට වඩාත් දැනෙනුයේ ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය දැවැන්ත ඉදිරිපෙළක් සමඟින් සටනට එන බැවිනි. එළඹෙන සෙනසුරාදා (19) ඔවුන් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා තරග වදින්නේ Mathysz කුසලානය සඳහා වීම මේ ගැටලුව තවත් බරපතළ වීමට හේතුවකි.

CR කණ්ඩායමට මරු පහරක් වෙමින් මීට දින දෙකකට පෙර ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා ද ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දසවැනි සති අන්තය හෙට (18) ආරම්භ වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<