2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ සුමේද රණසිංහ අද (18) ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් නැවතත් රන් පදක්කමක්
2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාවේ….
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වරම් දිනා ගත් ක්‍රීඩකයෙකු වන සුමේද රණසිංහ ශ්‍රී ලංකාව නියෝජන කරමින් මෙවර වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව සඳහා සුදුසුකම් ලබා ගත් අතර අද ඔහු එම ඉසව්වේ මීටර 74.58ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම තමන් සතුකර ගැනීමට සමත් විය.
මෙම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට NGUYEN HOAI හැකි වූ අතර ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය වන්නේ මීටර 73. 18කි. තෙවැනි ස්ථානය දිනා ගැනීමට පිලිපීනකයෙකු සමත් වූ අතර ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 64.27කි.

ලංකාවේ තුනක් වියට්නාමයේ තරග බිමට
වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්…
මෙම ක්‍රීඩකයන්ට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට මෙම තරගාවලියෙන් ලබා ගන්නා ස්ථානයන් වැදගත් වීම විශේෂත්වයකි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















