කොරෝනා අස්සේ පොලිස් ක්‍රිකට් තරුවක් නිහඬ වෙයි

103

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වජිර රණවීර මහතා පසුගිය දා (28) අප අතරින් සමුගත් බැව් වාර්තා වෙයි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙක් වන වජිර රණවීර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් කරළියට පිවිසෙන්නේ පොලිස් සේවයට එක් වූ පසුව ය. 

තවත් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ ප්‍රාන්ත ගිවිසුම් අහෝසි!

මෙම වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත පළමු ක්‍රිකට් තරගාවලිය සඳහා…

1995/96 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එක්වන වජිර රණවීර 2007 වසර දක්වාම පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා ලෙසින් කටයුතු කළේය. ඒ අතර 2004/05 වසරේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඉසිළුවේ ද වජිර රණවීරය.

වරෙක, වේගපන්දු යවන්නෙක් ලෙසින් ඩෙනිස් ලිලී මහතා යටතේ ඉන්දියාවේ MRF ක්‍රිකට් ඇකඩමියේ පුහුණුව සඳහා වජිර රණවීර සුදුසුකම් ලබා සිටිය ද කුමන හෝ හේතුවක් මත ඒ සඳහා සහභාගී වීමට ඔහුට අවස්ථාව නොලැබී ගියේය. එමෙන්ම 1997/98 වසරේ මෙරට සංචාරයක යෙදුණ නවසීලන්ත කණ්ඩායමට එරෙහි අස්ගිරියේ පැවති පුහුණු තුන් දින තරගය සඳහා වජිර රණවීරට කැඳවීම් ලැබුණ ද ඔහුට එය අහිමි වන්නේ ඊට පෙර පැවති පොලිස් තරගයක දී ලත් ආබාධිත තත්ත්වයක් මතය. 

එවකට දක්ෂතා අතර සුපිරි මට්ටමේ සිටි වජිර රණවීර මේ තරගයට ක්‍රීඩා කළේ නම් ඇතැම් විට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ අතලොස්සක් වූ පොලිස් ක්‍රීඩකයන් අතරට එක්වීමට ද වාසනාවන්ත වීමට ඉඩ තිබුණි. 

පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරග 96කට ක්‍රීඩා කළ වජිර රණවීර කඩුලු 225ක් ලබා ගෙන ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ එස්. එස්. සී. ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 95කට ලබා ගත් කඩුලු 8යි. එමෙන්ම වරෙක ඔහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 06කට ඉදිරිපෙළ කඩුලු 7ක් දවාගෙන දක්ෂතා දැක්වීමට සමත් වීම ද ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී මතකයක් අතර වේ. 

අමිහිරි මතකයට අදට හරියටම වසර 13යි

බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි පැවති 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානය…….

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ පොලිස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ වජිර රණවීර අවස්ථා ගණනාවක දී ම තරගාවලියේ හොඳම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව වජිර රණවීර ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමයේ විනිසුරුවෙක් ලෙසින් සුදුසුකම් ලැබූව ද පොලිස් සේවය වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවීම නිසා ඔහුගේ ක්‍රිකට් විනිසුරු දිවිය ඉතා කෙටි විය. 

මිය යන විට 52 හැවිරිදි වියේ පසු වූ වජිර රණවීර මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කැරලි මර්දන අංශයේ ස්ථානාධිපති ලෙසින් සේවය කළේය. මේ දිනවල රටේ පවතින COVID 19 වයිරසයෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත වීම ඔහුගේ අවසන් සේවාව විය.

ඔහුගේ අවසන් කටයුතු 29 වැනිදා සවස 4.00ට පොල්ගස්ඕවිට, වෑතර පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<