සනුක චෙරාන් ශතකලාභීන් අතරට

U19 Schools Cricket Tournament 2024/25

99

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට තවත් ශතකයක් එක් කිරීමට කලුතර සිරි කුරුස විද්‍යාලයේ සනුක චෙරාන් සමත් වුනා.  

කොළඹ සහිරා විද්‍යාලය හා පැවැත්වෙන තරගයේ දී  ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි සනුක චෙරාන් පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් මේ වන විට නොදැවී ලකුණු 104ක් ලබා සිටිනවා.  

මේ අතර පැවැත්වෙන මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට මොරටු විද්‍යාලයේ ඉසුරු ප්‍රනාන්දු සමත් වුනා.  

කොළඹ සහිරා විද්‍යාලය සහ කලුතර සිරි කුරුස විද්‍යාලය අතර තරගය සහිරා විද්‍යාලයීය පිටියේ දී.  

සහිරා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 53 (35.1) රයිඩ් කරීම් 17, හිරුශ ගිම්හාන් 3/05, අමාෂ් ප්‍රනාන්දු 2/11, හිමරු දීශාන් 3/08 

 

සිරි කුරුස විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 230 (65.0) සනුක චෙරාන් නොදැවී 104, විහඟ ඔසිඳ 33, එම්. එෆ්. ජයමන් 34, සයන් ඉස්මත් 2/46 


මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය බෝයගනේ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.   

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (42.1) වගීෂ හංසක 41, කවීෂ චන්දිමාල් 67, මලිත් පෙරේරා 2/26, ඉසුරු ප්‍රනාන්දු 5/54, නිශිත ප්‍රනාන්දු 3/34 

 

මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 142 (58.0) විසල් සිර්වර්ධන 39, සංජන සෙනවිරත්න 21, ශෙහාර ප්‍රනාන්දු 37, ඉසුරු ප්‍රනාන්දු 31, නිමේෂ සිල්වා 2/37, චන්දූප වඩුගේ 2/24 

මෙම තරග ද්විත්වය අද (07) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.  

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<