IPL වලින් අහිමි වූ මුදල සොයා ස්ටාක් නඩු මඟට

1026

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මිචෙල් ස්ටාක් සිය රක්ෂණකරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට  තීරණය කර තිබේ. ඒ පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වීමෙන් මිචෙල් ස්ටාක්ට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 1.53ක මුදල යලි ලබා ගැනීමේ අරමුණිනි.

ටේලර් සහ මැසකඩ්සාට ODI අහිමි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම …..

පසුගිය වසරේ දකුණු අප්‍රිකා කණ්ඩායමක් සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් මිචෙල් ස්ටාක්ට එම වසරේ IPL තරගාවලිය අහිමි විය. විදෙස් වාර්තා සඳහන් කරන්නේ සිය රක්ෂණකරු පසුගිය වසරේ දී කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක මුදලකට ගිවිසුම් ගත වීම පිළිබඳ මිචෙල් ස්ටාක් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවය.

කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් පසුගිය වසරේ දී මිචෙල් ස්ටාක්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටිය තුළ එකදු පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමි වූයේ නැත.

ආබාධ තත්වය හේතුවෙන් මේ වසරේ දී ස්ටාක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ද නිදහස් කිරීම විශේෂත්වයකි. ආබාධ හේතුවෙන් ස්ටාක්ට පසුගිය IPL තරගාවලිය අහිමි වීම හේතුවෙන් අදාළ ගිවිසුමට රක්ෂණය ලබා දුන් ආයතනය විසින් ස්ටාක්ට ලබා දිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 1.53කි. ඒ වෙනුවෙන් ස්ටාක් විසින් අදාළ ආයතනය ඩොලර් 97,920ක වාරිකයක් ද ගෙවා ඇති බව වාර්තා වේ.

ශේන් වොන්ගේ ඕස්ට්‍රේලියා සංචිතයෙන් දක්ෂයින් කිහිප දෙනෙක් හැලේ

හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නෙකු වන….

පසුගිය වසරේ පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා කාලය තුල ස්ටාක් අදාළ රක්ෂණ ආයතනය විසින් රක්ෂණාවරණයට යටත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ස්ටාක් හා අදාළ රක්ෂණ ආයතනය මින් පෙර ගිවිසුම් ගත වු කොන්දේසි තුල මෙම ආබාධ පිළිබඳව කොන්දේසියක් ඇතුළත් නොවුවද නව ගිවිසුමේ එය ඇතුළත් වන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ස්ටාක් හෝ ඔහුගේ කළමණකරු නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<