PSL ක්‍රීඩකයන් කොරෝනාවෙන් බේරෙද්දී එක් අයෙකුට ආසාදනය වෙයි

52

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමූ දිනයේ එනම් මාර්තු 17 වන දින පවත්වන ලද COVID-19 පරීක්ෂණ 128ම සෘණාත්මක වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබේ. කරච්චි කිංග්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් හට මෙම වයිරසයේ රෝග ලක්ෂණ වර්ධනය වීමෙන් පසුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අත්හිටුවන ලදි.

කොරෝනා වළක්වන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් උපදෙස්

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID – 19 වයිරසයෙන් මෙරට ජනතාවට ආරක්ෂා වීම සඳහා…

“පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය අත්හිටවූ වහාම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව සහ විශ්වසනීයත්වය සඳහා අතිශයින්ම තීරණාත්මක තීරණයක් වූයේ තරගාවලිය අවසන් වන තෙක් නැවතී සිටීමට තීරණය කළ සියලුම ක්‍රීඩකයින්, සහායකයින්, විකාශකයින් සහ තරග නිලධාරීන් COVID-19 වයිරසය සඳහා පරීක්ෂා කිරීමයි. ඒ පරීක්ෂණ සියල්ල සෘණාත්මක වෙලා තියනවා” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හි ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් පැවසීය.

“මෙම පසුබිම තුළ, මේ පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතුටට පත්වන අතර, මේ සියලු ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිසිදු සෞඛ්‍ය හා ආරක්ෂිත සැකයකින් හෝ කනස්සල්ලකින් තොරව නැවත සිය පවුල් සමඟ එක්වීම ගැන සතුටු  වෙනවා. අපි සෑම විටම අපේ සේවකයින්ගේ සෞඛ්‍යය ගැන අවධානයෙන් ඉන්නවා.” 

කෙසේ නමුත් පාකිස්තාන සුපර් ලීගයෙන් ආපසු පැමිණීමෙන් පසු COVID-19 (නව කොරෝනා වයිරස්) රෝග ලක්ෂණ වර්ධනය වීමෙන් පසුව ඇලෙක්ස් හේල්ස් නිවසේ දී ස්වයං නිරෝධායනයට ලක්වන බව ඔහු තහවුරු කර තිබේ.

ක්‍රීඩකයෙකු වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව තරගයේ අවසන් පූර්ව හා අවසන් තරග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සංවිධායකයෝ පසුගිය අඟහරුවාදා උදෑසන තහවුරු කළහ.

ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

COVID-19 සඳහා ධනාත්මක (Positive) බව පරීක්ෂණයකින් තහවුරු වීමෙන් පසු සුවය…

“COVID-19 ගෝලීය වසංගත තත්ත්වයට පත්වීමත් සමඟම, වෙනත් බොහෝ විදේශීය ක්‍රීඩකයින් මෙන්, මම පාකිස්තාන සුපර් ලීගයෙන් ඉවත් වුනා. නිවසේ සිට සැතපුම් දහස් ගණනක් දුරින් අගුලු දැමීමේ කාලයකට මුහුණ දීමට වඩා මගේ පවුලේ අය සමඟ සිටීම වඩා වැදගත් යැයි මට සිතුණා.” හේල්ස් පැවසීය.

“මම සෙනසුරාදා අලුයම නැවත එක්සත් රාජධානියට පැමිණියේ පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න බවක් සහ වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නිසා. කෙසේ වෙතත්, ඉරිදා උදේ පාන්දරින්ම අවදි වූ විට මට උණ වැලඳී තිබුණා. ඉන් පස්සේ ස්වයං නිරෝධායනය පිළිබඳ රජයේ උපදෙස් අනුගමනය කරමින් මම ස්වයං නිරෝධායනයට ලක්වුනා. මේ ක්‍රියාවලිය මම පැහැදිලිවම තවමත් අනුගමනය කරනවා. මේ වෙද්දී මට වියළි හා නොනැසී පවතින කැස්සක් තියනවා.”

“මෙම තත්ත්ව යටතේ එය පරීක්‍ෂා කිරීමට නොහැකි වී ඇතත්, පසුව එය පරීක්ෂා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. එවිට මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පූර්ණ තහවුරු කිරීමක් ලබා ගත හැකි වේවි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<