එක්සත් අරාබියෙනුත් ඉන්දියාවට ඇරයුම්

126

එක්සත් අරාබි එමීර් රාජ්‍ය 13 වැනි IPL තරගාවලියේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් සූදානමින් සිටින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. 

අතට අත දීම් සහ High Five වෙනුවට ‘නමස්තේ’ කියන්න

මේ වන විට පවතින නව කොරෝනා වසංගත තත්වය පහව ……..

මාර්තු 29 සිට මැයි 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය COVID-19 වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 15 දක්වා කල්දැමීමට තීරණය කළ නමුත් ඉන්දියාව තුල වයිරසයේ සීග්‍ර පැතිර යාම නිසා එරට රජය විසින් මැයි මස 31 දක්වා රට වසාදැමීමට තීරණය කළේය. 

ඒ නිසාවෙන් වසංගත තත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව පමණක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීම පිළිබඳව සලකා බලන බව එරට ක්‍රිකට් ආයතනය පවසා ඇත. නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත්  එමගින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදු වන පාඩුව අතිමහත්ය.

මීට පෙර 2014 වසරේ දී ද ඉන්දීය මහ මැතිවරණ කාල සීමාවක් තුල IPL තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසා එරට ක්‍රිකට් පාලනාධිකාරිය සහ තරග සංවිධායක කමිටුව එක්ව එම IPL තරග විස්ස ඉන්දියාව තුල නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල පවත්වමින් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කළේය. 

“ජාත්‍යන්තර මට්ටමින් ගුවන් ගමන් සීමා කර තිබෙන හෝ සම්පූර්ණ ලෙස නවතා දමා ඇති මොහොතක මෙවැනි තරගාවලියක් සඳහා ක්‍රීඩකයින් එරටට ගෙන්වා ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙම කරනවා නම් ඒක ආවට ගියාට කරලා බැහැ. මොකද මේ ක්‍රීඩකයින්ට අපි වග කියන්න ඕනේ. මේ දැන් ලෝකේ තියෙන තත්වය ගත්තහම හැම තැනම වගේ මේ වයිරසය පැතිරිලා ගිහිලා තියෙන්නේ” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

IPL ශ්‍රී ලංකාවේ ද? ඉන්දියාවෙන් පිළිතුරක්

දැනට අත්හිටුවා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ……

ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ රටේ Covid-19 අවදානම අවම ප්‍රදේශ කිහිපයක හෝ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණවල තරගාවලිය පවත්වා අවසන් කිරීමට විටෙක සැලසුම් යොදා තිබූ නමුත් මේ වන විට ඉන්දියාව තුල මේ වයිරසය සීග්‍රයෙන් පැතිර යන නිසා එම යෝජනාව ද මේ වන විට ප්‍රතික්ෂේප වෙමින් පවතියි. 

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වා තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මෙසේ පවසා තිබුණේ,

“දැනට තියෙන තත්වය අනුව අපේ රට මැයි 11 වැනිදා ඉඳන් නැවතත් ක්‍රමයෙන් යථා තත්වයට පත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. IPL තරගාවලිය ශ්‍රී ලංකාව තුල පවත්වන්න අපි ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ලබා දුන් යෝජනාව ප්‍රතික්ෂේප වුනත් ඒ පිළිබඳව අපේ කමිටු සාමාජිකයින් තවමත් කතාබහ කරමින් සිටිනවා. එකේ අවසන් තීරණය අපිට ඉදිරියේ දී දෙන්න පුළුවන්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<