මනෙල්කාර් සහ විනු, සැරසන්ස් ජයග්‍රහණය දක්වා රැගෙන යයි

495
Saracens v BRC

23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC සමාජය අතර තරගය අද මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවැත්විය. තරගයේ කැපිපෙනන දස්කම් දැක්වු මනෙල්කාර් ද සිල්වා සහ විනු මොහොට්ටි සරසෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය. ඒ ලකුණු 80කින් BRC කණ්ඩායම පරාජය කරමිනි.

පසුගිය ලිපි: හිමාෂගේ ශතකය රාගම ක්‍රීඩකයෝ අසරණ කරයි

කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය ප්‍රථමයෙන් කඩුළු රැකීම තෝරාගන්නා ලදි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දුලීක තිස්සකුට්ටි විසින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ඉෂාන් නිලක්ෂ සහ චෙමිල ඔබේසේකර විසින් ලකුණු 36ක් සහ 31 ක් සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා කරන ලදි.

තරගයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කල මනෙල්කාර් විසින් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 55ක් වාර්තා කරන්නේ 6 පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟිනි. දක්ෂ කඩුළු රැකීමක නිරත වු ෂවීන් ගුණසේකර ලකුණු 53කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වන අතර නියමිත පන්දුවාර 50 අවසානයේ සැරසන්ස් ක්‍රීඩකයෝ සියළු දෙනා දැවී ලකුණු 255 රැස් කරන ලදි.

ලකුණු 256ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි BRC ක්‍රීඩකයින් ලබා ගත් වැඩීම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉසිපතන විද්‍යාලීය ක්‍රීඩක චමීර දිසානායක සමත් වන අතර ඔහු පන්දු 50කදි නොදැවි ලකුණු 31ක් වාර්තා කරන ලදි. පන්දු යැවීමේදි විනු මොහොට්ටි විසින් ලකුණු 27කදි කඩුළු 4ක් දවා ගන්නා ලදි.

ප්‍රතිවාදීන්ගේ දක්ෂ පන්දු යැවීම සහ කඩුළු රැකීම හමුවේ BRC ක්‍රීඩකයින්ට සියළු දෙනා දැවී වාර්තා කිරීමට සමත් වුයේ ලකුණු 175ක් පමණි. ඒ අනුව ලකුණු 80කින් තරගය ජයග්‍රහණය කිරීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය – 255/9 (50): සංගීත් කුරේ 25, දුලීක තිස්සකුට්ටිගේ 50, චෙමිල ඔබේසේකර 31, ඉෂාන් නිලක්ෂ 36, මනෙල්කාර් ද සිල්වා 55*, ශෙහාන් මධුසංක 25, ෂවීන් ගුණසේකර 3/53, ලසිත ලක්ෂාන් 2/24.

BRC සමාජය – 175/11 (42.3): ලිසුල ලක්ෂාන් 24, නිපුන ගමගේ 30, හෙලකමල් නානායක්කාර 22, චමීර දිස්සානායක 31*, විනු මොහොට්ටි 4/27, චානක දේවින්ද තිළකරත්න 2/21, ශෙහාන් මධුසංක 2/43.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට