පළමු අදියරට මැතිව්ස් නැහැ?

1126

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ. ඔහුට සුපුරුදු, පාදයේ ආබාධ තත්වය නැවතත් උද්ගත වී තිබීම ඊට හේතුවයි.

>> ලකුණු 356ක් රැක ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සූදානම් වූ මාස කිහිපය ඇතුළත දී පාදයේ දැඩි වේදනාවක් සහිතව සිටි මැතිව්ස් වෙනුවෙන් රේඩියෝග්‍රැෆි තාක්ෂණය යොදාගෙන පරීක්ෂණ පැවැත්වූ පසු සොයා ගැනුණේ ඔහුගේ පාදයේ ඇතුළත මස්පිඩුවක් සියුම් ලෙස ඉරී ගොස් ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේ දී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අතරතුර දී මේ ආබාධ තත්වය හේතුවෙන් මැතිව්ස්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. පසුව ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි – විස්ස තරග මාලාව සහ බංගලාදේශයට එරෙහි තරග කිහිපයක්ම ඔහුට අහිමි වූ නමුත් IPL තරගාවලියේ දී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමඟින් තරග කිහිපයකට සහභාගී වීමට ඔහුට හැකි විය.

[rev_slider ct17-dsccricket]

ශූරයන්ගේ කුසලානයට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහි පුහුණු තරගයේ දී ලකුණු 95ක් වාර්තා කළ මැතිව්ස්, නවසීලන්තයට එරෙහි පුහුණු තරගයට ක්‍රීඩා කළේ නැත.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුව යොමු කෙරෙන අතරම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන, ශූරයන්ගේ කුසලානය වෙත තබන පළමු ශ්‍රී ලංකා පියවරේ දී උප නායක උපුල් තරංගට නායකත්වය හිමිවෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට