තරුෂ, සදීෂ් ශතක අතරට; සැමුවෙල්ගෙන් කඩුලු 6ක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

522
U19 Schools Cricket Tournament 2022

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග 3ක් සහ එක් දෙදින තරගයක් අද (18) පැවැත්වුනා.

එක්දින තරගවල දී කොළඹ නාලන්දා, ඉසිපතන සහ ගාල්ල රිච්මන්ඩ් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. ඉසිපතන විද්‍යාලයේ තරුෂ නෙත්සර (ලකුණු 115ක්), රන්දුනු ගංඟනෙත් (ලකුණු 64 සහ 2/22) සහ දකුණතින් වේගපන්දු යවන කෙවින් සැමුවෙල් පන්දුවාර 6ක දී ලකුණු 21කට කඩුලු 6ක් දවාගෙන සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා .

ඊට අමතරව රාජකීය විද්‍යාලයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සදීෂ රාජපක්ෂ (ලකුණු 67), දසිස් මංචනායක (ලකුණු 51), සාන්ත ආනා විද්‍යාලයේ පිවිතු ප්‍රනාන්දු (ලකුණු 63), රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු තරින්ද නිර්මාල් (ලකුණු 53), සාන්ත සර්වේසස් විද්‍යාලයේ දිනිරු අබේවික්‍රමසිංහ (ලකුණු 74) අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා. රිච්මන්ඩ් විද්‍යාලයේ 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පා දඟපන්දු යවන මල්ෂ තරුපති සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව ලකුණු 38කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව Tier A කොටසේ Y කාණ්ඩය නියෝජනය කරන නාලන්දා විද්‍යාලය දැනට තරග 4කට ක්‍රීඩා කර එම තරග 4ම ජයග්‍රහණය කරමින් තරගාවලිය තුල තවදුරටත් අපරාජිතව රැඳී සිටින්නේ Y කාණ්ඩයේ පෙරමුණ දිනාගෙනයි. එම කාණ්ඩයේම දෙවැනි තැන සිටින රිච්මන්ඩ් ක්‍රීඩකයින් ද තරග 3න් 3ම ජයගෙන අපරාජිතව පසුවනවා.

ඉසිපතන ක්‍රීඩකයින් අද ලබා ගත් ජයග්‍රහණයත් සමඟම Tier B කොටසේ Y කාණ්ඩයේ පෙරමුණ දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු 13ක් සමඟිනුයි. ලුම්බිණි ක්‍රීඩකයින් එහි දෙවැනි තැන රැඳී සිටිනවා.

එසේම සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන දෙදින සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ කඩුලු රකින පිතිකරු සදීෂ් ජයවර්ධන (ලකුණු 106) ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

ඊට අමතරව මුදිත ලක්ෂාන් (ලකුණු 94), හිරාන් ජයසුන්දර (ලකුණු 77), මිතිර තෙනුර (ලකුණු 51*) අර්ධ ශතක ලබාගෙන දස්කම් අතරට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 404ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූවා.

එක්දින තරගාවලිය 2022

Tier A

රාජකීය විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාලය – 235/9 (50): එරංග ජයකොඩි 43*, රවීන් ද සිල්වා 38, කුශ්මිත සිල්වා 31, යසිරු සමරකෝන් 24, ගිශාන් බාලසූරිය 3/21, සදීෂ රාජපක්ෂ 2/32, දමිත් කප්පෙගොඩ 2/40.

රාජකීය විද්‍යාලය – 212 (47.2): සදීෂ රාජපක්ෂ 67, දසිස් මංචනායක 51, දමිත් කප්පෙගොඩ 20, දිනෙත් සමරවීර 3/30, රවීන් ද සිල්වා 3/48.

නාලන්දා විද්‍යාලයට ලකුණු 23ක ජයක්

සාන්ත ආනා විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ආනා විද්‍යාලය – 165/9 (50): පිවිතු ප්‍රනාන්දු 63, මනාන් මුසම්මිල් 36, මල්ෂ තරුපති 4/38, ශාරෝන් අභිෂේක් 2/21.

රිච්මන්ඩ් විද්‍යාලය – 166/5 (29): තරින්ද නිර්මාල් 53, ජනෙත් කෞෂාල් 28*, මල්ෂ තරුපති 21.

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 5ක ජයක්

Tier B

ඉසිපතන විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස්
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස් ක්‍රීඩාංගණය

ඉසිපතන විද්‍යාලය – 295 (50): තරුෂ නෙත්සර 115, රන්දුනු ගංඟනෙත් 64, නවීන් කනිෂ්ක 46, තිනුල ලියනගේ 30, කුෂාන් විජේරාම 4/28, දෙනෙත් කාව්‍ය 2/21.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 155 (40): දිනිරු අබේවික්‍රමසිංහ 74, චිරාත් නෙත්තරු 22, කෙවින් සැමුවෙල් 6/21, සිතුක ගුණවර්ධන 2/15, රන්දුනු ගන්ගනෙත් 2/22

ඉසිපතන විද්‍යාලයට ලකුණු 140ක ජයක්

දෙදින සුහද තරග

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 404/5d (79.5): සදීෂ් ජයවර්ධන 106, මුදිත ලක්ෂාන් 94, හිරාන් ජයසුන්දර 77, මිතිර තෙනුර 51*, ශෙවෝන් ඩැනියල් 49, ශකේෂ් මිනොන් 4/89.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 45/1 (13)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<