සාන්ත ජෝසප් විද්‍යාලයට සුපිරි ජයක්

පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

482

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින සුහද තරග කිහිපයක් අද (28) ක්‍රියාත්මක වුනා.

එහි දී සාන්ත ජෝසප් විද්‍යාලය විසින් ගාල්ල මහින්ද විද්‍යාලය පරාජය කරමින් කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගත් අතර දකුණතින් පිට දඟපන්දු යවන ලහිරු අමරසේකර තරගය පුරාවට කඩුලු 11ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ දී මහින්ද පළමු ඉනිම සහ ඔවුන්ගේ දෙවැනි ඉනිම පිළිවෙළින් ලකුණු 127කට සහ ලකුණු 142කට සීමා කරන්නට සාන්ත ජෝසප් පන්දු යවන්නන් සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් මුදිත දිසානායක සහ නායක සදීෂ් ජයවර්ධන අර්ධ ශතක ලබා ගත් අතර අවසානයේ දී ඔවුන් ඉතාමත් පහසු ජයක් ලබා ගත්තා.

ත්‍රිත්ව විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර පැවති තරගයේ පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි. එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලබා ගත් ලකුණු 268ට පිළිතුරු ලෙස ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 448ක් ලබා ගත්තා.

එහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කුසල් විජේතුංග අගනා ලකුණු 165ක් ලබා ගත් අතර දිනූෂ පීරිස් ද අගනා ශතකයක් වාර්තා කරමින් ලකුණු 105ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දිනුක තෙන්නකෝන් කඩුලු 5ක් දවාගෙන ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන විට, සදෙව් හස්තික සහ ෂේන් ආධිත්‍ය මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් පිළිවෙළින් පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූවා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය

  • මහින්ද විද්‍යාලය – 127 (57): රන්මිණ හෙට්ටිආරච්චි 33, චන්දුප ද සිල්වා 29, ලහිරු අමරසේකර 5/34, යෙනුල දෙව්තුස 3/32, මුදිත දිසානයක 2/23 & 142 (51.4): දුලන රාජපක්ෂ 32, හරීන් අචින්ත 32, ලහිරු අමරසේකර 6/79, යෙනුල දෙව්තුස 3/23
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 255/9d (67.5): මුදිත දිසානායක 64, සදීෂ් ජයවර්ධන 51, ලහිරු අමරසේකර 41, නරේන් මුරලිදරන් 41, ෂෙහාන් හසරංග 3/72 & 15/0 (1.2)

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 268 (93.5): ෂේන් ආධිත්‍ය 83, රමිත් බණ්ඩාර 33, දිනුක තෙන්නකෝන් 5/74, ජයවි ලියනගම 2/40 & 30/0 (5.2): කවීන් ප්‍රනාන්දු 18*
  • ත්‍රිත්ව විද්‍යාලය – 449 (83): කුසල් විජේතුංග 165, දිනූෂ පීරිස් 105, සදෙව් හස්තික 5/113, චිරාත් ආධිත්‍ය 3/51

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 352/9d (78): ලහිරු අබේසිංහ 73, කවිඳු ෂෙහාන් 54, තිසර ඒකනායක 54, ලශ්මික පෙරේරා 4/57
  • සාන්ත පීතර විද්‍යාලය – 44/3 (14): චමිඳු පෙරේරා 18*, කවීෂ පියුමාල් 2/2

පළමු දිනයට තරගය අවසන්

මොරටු මහා විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය – 249 (93.1): විහඟ නිම්සර 82, රසඳු ඉලුක්ෂණ 54, අකිල වික්‍රමසිංහ 3/48, ඉසුරු ගුණසේකර 2/28 & 99/4 (21) විහඟ නිම්සර 38, අකිල වික්‍රමසිංහ 3/16, යොශිත් ඉසුරංග 1/13
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 179 (59.3): චාරුක අයේශාන් 77, ඉසුරු ප්‍රනාන්දු 2/27, මලිත් ශෙහාන් 2/29, යොහාන් ද අල්විස් 1/14

පළමු දිනයට තරගය අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<