යෙශාන්, මිතිල හා සාලිය අර්ධ ශතක අතරට

527

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා උරගා බැලීමට හොඳම තෝතැන්නක් බඳු 2017/18  සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (9) ක්‍රියාත්මක විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට පූර්ණ ජයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇති ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන වයස…

රිච්මන්ඩ් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

සාම්ප්‍රදායික තරගයක් ලෙස ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ප්‍රතිඵලයක් රහිතව මෙම තරගය අවසන් විය.

දිනය ආරම්භයේ දී ම රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. ඒ වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලබාගෙන සිටි අතර, අවිඳු තීක්ෂණ ලකුණු 64ක් රැස්කර තිබුණි.

පිළිතුරු ඉනිම දියත් කළ තර්ස්ටන් ඉනිම ගොඩනංවමින් තිබුණු මොහොතක අනපේක්ෂිත ලෙස තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, පසුව තරගය යළිත් ක්‍රියාත්මක විය. අවසානයේ තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ අතර, ඒ වන විට තර්ස්ටන් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 132ක් ලබාගෙන තිබුණි. එහි දී යෙශාන් වික්‍රමාරච්චි වර්ණවත් ලකුණු 66ක් සමඟින් අර්ධ ශතකයක් ලබා ගන්නා විට, ඔහුට අගනා සහයක් දුන් යොහාන් සචිත ලකුණු 29යි. පන්දු යැවීමේ දී දිළුම් සුධීර කඩුලු 2ක් දවා ගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම  – 226/9 dec (64.5): අවිඳු තීක්ෂණ 64, ආධිත්‍යය සිරිවර්ධන 44, දිළුම් සුධීර 29*, තවීශ අභිශේක 22, සවන ප්‍රභාෂ් 2/25, නිපුන් ලක්ෂාන් 2/37.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 132/3 (31.3): යෙශාන් වික්‍රමාරච්චි 66, යොහාන් සචිත 29, නිමේෂ් පෙරේරා 26, දිළුම් සුධීර 2/31.

විහාන් හා මදනායක අර්ධ ශතක අතරට

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත්…


මලියදේව විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. එම තීරණයට හැකි උපරිමය සාධාරණය ඉටු කරමින් ද මැසනොඩ් පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යැවූ අතර, එහි දී මලියදේව පළමු ඉනිම ලකුණු 102කට සීමා විය. රොමල් ප්‍රනාන්දු මලියදේව පළමු ඉනිම සුනුවිසුනු කරමින් ලකුණු 22ක් තුල කඩුලු 5ක් දවා ගන්න ලදි. සංජීවන් ප්‍රියදර්ශන සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 43*ක් රැස්කර ගත්තේය. මුදිත ප්‍රේමදාස ලකුණු 22යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට මැසනොඩ් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබාගෙන සිටියේය. එහි දී අලංකාරවත් පිතිකරණයක නිරත වූ වමතින් පිත්ත හසුරුවන මිතිල ගීත් ලකුණු 53ක් රැස්කර ගත්තේ මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පදනම සකසාලමිනි.

මැදපෙළ තවදුරටත් සවිමත් කළ සාලිය ජූඩ් ද අර්ධ ශතකයක් ලබාගත් අතර, පළමු දිනයට තරගය නවතා දමන විට හෙතෙම නොදැවී ලකුණු 51*ක් ලබාගෙන සිටින ලදි. පන්දු යැවීමේ දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට විශ්ව දිසානායක සමත් විය.

මෙම තරගය D කාණ්ඩයේ තරගයක් ලෙසින් කඳාන ද මැසනොඩ් විදුහල් පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක විය.

හිටපු නායකයාට අලුත් තැනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අංක 4 ස්ථානයේ පිතිකරණයේ නිරත…

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 102/10 (35.5): සංජීවන් ප්‍රියදර්ශන 43*, මුදිත ප්‍රේමදාස 22, රොමල් ප්‍රනාන්දු 5/22, සහින සිතුමිණ 3/22.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 183/7 (40.5): මිතිල ගීත් 53, සාලිය ජූඩ් 51*, ප්‍රවීන් ෆොන්සේකා 22, මිතුල් සෙනරත් 21, විශ්ව දිසානායක 4/43, දුලාජ් රණතුංග 2/42.

පළමු දිනයට අද පැවැත්වූ තරගය හෙට (10) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<