දුලාශ්ගේ ශතකය ගුවනට ජය ගෙන එයි

696

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පූර්ණ තරග ජයග්‍රහණ ලබාගත් අද (17) දිනය තුල “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ “B” කොටසේ තරග කිහිපයක් දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී නිමාවට පත්විය.

කුසල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ..

මීගමුව ක්‍රීඩා සමාජය හා ලංකන්ස් ක්‍රිකට් සමාජය

කදිරාන පිටියේ දී ලකුණු 87ක පළමු ඉනිමේ වාසියක් ද අතැතිව සිය දෙවන ඉනිම ආරම්භ කළ මීගමුව ක්‍රීඩා සමාජය ඊයේ (16) දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 156ක් ලබා ගන්නා ලදි.

එහි දී දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ ආදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 63යි. ඊට අමතරව විශිෂ්ට පිතිකරණයක නිරත වූ අකීල් ඉන්හාම් හා ශෙහාන් වීරසිංහ පිළිවෙළින් ලකුණු 82ක් හා ලකුණු 64*යි.

ලකුණු 324ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලංන්කන්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ ඔවුන්ගේ මුල්පෙළ කඩුලු කිහිපයක් ඉක්මනින්ම බිඳ වැටීම නිසාවෙනි. නමුත් මැදපෙළ හා පසුපෙළ යම් මට්ටමකට ගොඩට ගත් ගීත් කුමාර තරගයේ අවසානය දක්වා පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 84*ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී චනුර ප්‍රනාන්දු කඩුලු 4යි.

මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 223/10 (74): අමිල වීරසිංහ 70, ප්‍රමිත් ප්‍රනාන්දු 51, ලසිත් කෘෘස්පුල්ලේ 20, රජීව වීරසිංහ 5/43, නවීන් කවිකාර 4/55.

ලංකන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම  – 136/10 (52.1): චානක රුවන්සිරි 37, ශසින් ප්‍රනාන්දු 24, තුශිර මදනායක 24, නවීන් කවිකාර 21, ශෙහාන් වීරසිංහ 3/33, චනුර ප්‍රනාන්දු 3/41, උමේග චතුරංග 3/50.

මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 236/6 d (69.3): අකීල් ඉන්හාම් 82, ශෙහාන් වීරසිංහ 64*, ලසිත් කෘෘස්පුල්ලේ 63, තුශිර මදනායක 3/18.

ලංකන්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම  – 128/9 (68): ගීත් කුමාර 86*, චානුර ප්‍රනාන්දු 4/40, උමේග චතුරංග 3/39.

ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මීගමුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්

ධම්මික ප්‍රසාද් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කොළ එළි දල්වයි!

තම ක්‍රීඩා දිවියේ හොඳම කාල සීමාව පසු කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ආබාධයකට..


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

වැලිසර දී පැවති මෙම තරගයට, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය නාවික හමුදා පන්දු යවන්නන්ට සාර්ථක මුහුණ දීමේ අදිටනින් පිටියට පිවිසියත් සුදාර දක්ෂිණ හා ඉශාන් අබේසේකර යන දෙදෙනාම කඩුලු 3 බැගින් දවා ගනිමින් කුරුණෑගල දෙවන ඉනිම ලකුණු 202කට සීමා කළේය.

එහි දී දමිත් පෙරේරා හා රුවන්ත ඒකනායක පිළිවෙළින් ලකුණු 65ක් හා ලකුණු 49ක් සිය ඉනිමට එක්කාසු කරන ලදි.

අවසානයේ කඩුලු 2ක් දැවී සිය ඉලක්කය වූ ලකුණු 54 ලබාගත් නාවික හමුදාව තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කළේය. ආසිරි සිල්වා ලකුණු 27යි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 253/10 (83.2): හශාන් ප්‍රභාත් 84, රුවන්ත ඒකනායක 43, කල්හාන් සිනෙත් 26*, සුදාර දක්ෂිණ 3/49.

නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම  – 402/9d (91.1): කුසල් එදුසූරිය 104, සුපුන් ලීලාරත්න 67, ඉශාන් අබේසේකර 62*, අසිත් වීරසූරිය 39, තරුශන් ඉද්දමල්ගොඩ 35, මොහොමඩ් අල්ෆර් 25, තුසිත් ද සොයිසා 8/137

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 202/10 (69.1): දමිත් පෙරේරා 65, රුවන්ත ඒකනායක 49, හශාන් ප්‍රභාත් 31, සුදාර දක්ෂිණ 3/57, ඉශාන් අබේසේකර 3/47.

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 54/2 (11.4): ආසිරි සිල්වා 27.

ප්‍රතිඵලය – නාවික හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක්


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය අවසානයේ සිය දෙවන ඉනිම දියත් කරන ගාලු ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 172ක් ලබාගෙන සිටියේය.

චානක විජේසිංහ හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් හට එතරම් දුරකට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු නිසා ගාලු ක්‍රිකට් සමාජ දෙවන ඉනිම ලකුණු 196කට සීමා කිරීමට ගුවන් හමුදාවට හැකි විය. එහි දී දිලීප් තාරක කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 24ක් ලබා දෙමිනි.

අනතුරුව ලකුණු 212ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දුලාශ් උදයංග හා රාජු ගයාශාන් සවිමත් පදනමක් ඔවුන්ගේ ලකුණු පුවරුවට දැමූ අතර, අවසානයේ උදයංග ශතකයක් දක්වා සිය ඉනිම ගොඩනංවන ලදි. රාජු ලකුණු 39යි. අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 212ක සිය ඉලක්කය සපුරා ගත් ගුවන් හමුදා පිලට තරගයේ ජය හිමි විය. චරිත් බුද්ධික කඩුලු 3යි.

ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 178/10 (65): චානක විජේසිංහ 36, ඩිල්ශාන් කාංචන 28, සොහාන් රංගික 5/47.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම  – 163/10 (51.3): රොස්කො තටිල් 35, බුද්ධික සඳරුවන් 31*, උදයවංශ පරාක්‍රම 28, ලක්ෂාන් ප්‍රනාන්දු 28, රජිත ප්‍රියාන් 3/33, ගයාන් සිරිසෝම 3/50.

ගාලු ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 196/10 (70.2): චානක විජේසිංහ 51, රවීන් සේයර් 36, ලසිත් ප්‍රනාන්දු 35, දිලීප් තාරක 3/24.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම  – 212/6 (67.2): දුලාශ් උදයංග 100*,  රාජු ගයාශාන් 39, දිලීප් තාරක 31, චරිත් බුද්ධික 3/24.

ප්‍රතිඵලය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්

T10 ගිය ක්‍රීඩකයෝ හිස් අතින්ම ගෙදර එයි

සුපිරි තරගාවලියක නැවුම් බවත්, උණුසුමත් ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ..


පොලිස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

පළමු ඉනිමේ ජයග්‍රහණයක මානසිකත්වය ඇතිව පිටියට පිවිසි පානදුර කණ්ඩායම ඊයේ දිනය අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 22ක් ලබා සිටින්නේ පොලිස් ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමට වඩා ලකුණු 76ක් ඉදිරියෙන් සිටිමිනි.

පානදුර වෙනුවෙන් කශිස් නවීඩ් යළිත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 94යි. ඔහුට අමතරව රසික ප්‍රනාන්දු හා විශ්ව චතුරංග පිළිවෙළින් ලකුණු 50ක් හා ලකුණු 41ක් ලබාගෙන පානදුර ඉනිම සවිමත් කළේය.

ලකුණු 265/7ක් දැක්වෙද්දී සිය ඉනිම අත්හිටවූ පානදුර ක්‍රීඩා සමාජය පොලිසියට දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට ඇරයුම් කරන ලදි.

තරගයේ තෙවන දිනය අවසානයේ ඔවුන්ට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 118ක් වන අතර ජයග්‍රහණය සඳහා ලකුණු 320ක් අවශ්‍ය කර තිබුණි. හිමන්ත විජේරත්න ලකුණු 29යි. රසික ප්‍රනාන්දු කඩුලු 3යි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 250/10 (91.2): කශිස් නවීඩ් 111, ශස්රික පුස්සෙගොල්ල 51, විශ්ව චතුරංග 38, නිමේෂ් විමුක්ති 5/62, කල්‍යාණ රත්නප්‍රිය 3/56.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 196/10 (61.1): අකිල ලක්ෂාන් 87, තරිඳු ඩිල්ශාන් 36, ධනුෂ්ක බණ්ඩාර 4/68, මොහොමඩ් රමීස් 3/31.

පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉනිම – 265/7 d (77): කශිස් නවීඩ් 94, රසික ප්‍රනාන්දු 50, විශ්ව චතුරංග 41, අනුත්තර මාධව 31*, නිමේෂ් විමුක්ති 3/73, මංජුල ජයවර්ධන 2/46.

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 118/6 (33): හිමන්ත විජේරත්න 29, රසික ප්‍රනාන්දු 3/26.

ප්‍රතිඵලය – ජය පරාජයෙන් තොරයි පානදුර ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය

මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක් ලබන සිකුරාදා (22) ආරම්භ වේ.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න