සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 6ක ජයක්

258
U19 Schools Cricket December 30t

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (30) දිනය තුල තරඟ කිහිපයක්ම පැවැත්වූ අතර, ඊයේ (29) ආරම්භ වූ තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: නාලන්දය හමුවේ ත්‍රිත්වයින් පරාජය වේ

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩය යටතේ ඊයේ (29) ජෝසප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට බණ්ඩාරනායක විද්‍යාලයට ආරාධනා කරන ලදි.

තරගයේ දෙවන දිනය අරඹන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත ජෝශප් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 33ක් ලබාගෙන සිටින ලදි. නිපුන් සුමනසිංහ එම ඉණිමට ලකුණු 79ක් එක්කල අතර, දිනෙත් මදුරාවල ලකුණු 51ක් ලබා ගන්නා ලදි.

අනතුරුව තම දෙවන ඉණිම දියත් කල බණ්ඩාරනායක විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 158ක් පමණි. එම ඉණිමට විජිත මදනායක ලකුණු 46ක් ලබා ගන්නා ලදි.

සිව්වන ඉණිමට ලකුණු 82ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය එම ඉලක්කය පන්දුවාර 10ක් ඇතුළත සපුරාගත් අතර, ශෙවෝන් ෆොන්සේකා එම ජයග්‍රහණය ලබා ගැනීමට ලකුණු 56ක් එක්කරමින් දායක විය.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 62.3): අරෝශ් මදුෂාන් 26, දිනෙත් ජයකොඩි  4/34, රැචිර ඒකනායක 3/42, ජෙහාන් ඩැනියල් 2/30

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 250 dec (පන්දුවාර 46): නිපුන් සුමනසිංහ 79, දිනෙත් මදුරාවල 51, ශෙවෝන් ෆොන්සේකා 32*, අරෝශ මදුෂාන් 2/40

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 52.4): විජිත මදනායක 46, ජනිදු ජයවර්ධන 43, හරීන් කුරේ 3/33, පහන් පෙරේරා 2/06

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 82 (පන්දුවාර 9.4): ශෙවෝන් ෆොන්සේකා 56, අරෝශ මදුෂාන් 2/34


කොළඹ සහිරා විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

සහිරා විද්‍යාලය මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් තම විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. දිනය අවසානයේ මාරිස්ටෙලා විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටියි.

සහිරා විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් ශමාස් ලකුණු 37ක් ලබාගෙන තම විද්‍යාලයේ ඉණිම ලකුණු 117ක් දක්වා ඔසවා තබද්දී, පන්දු යැවීමේදී සංබ පූර්ණ කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්වූහ. අනතුරුව පිටියට පිවිසි මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලසිත් අර්ධ ශතකය වාර්තා කරන ලදි. රොෂාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 40*යි.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 48.2): මොහොමඩ් ශමාස් 37, මොහොමඩ් නගාස් 35, සජිත් සමීර 24, සංබ පූර්ණ 5/15, පසිදු මාධව 3/30

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 102 (පන්දුවාර 27): ලසිත් කෘෘස්පුල්ලේ 50, රොෂාන් ප්‍රනාන්දු 40*


මොරටුව මොරටු විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් ලෙසින් මොරටු විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදි ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ගුරුකුල විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. දිනය අවසන් වනවිට තම පළමු ඉණිම ක්‍රීඩා කල ගුරුකුල විද්‍යාලය තම ඉණිම ලකුණු 241කට සීමා කරවන ලදි.

මොරටු විද්‍යාලය වෙනුවෙන් ඉසුරු උදයංග ලකුණු 25ක් ලබාගත් අතර, අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි විය. ඔවුන්ගේ ඉණිම ලකුණු 78කට සීමාවෙද්දී, මලිදු විදුරංග ලකුණු 30කට කඩුලු 4ක් දවාලන ලදි. ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් දක්ෂ ඉණිමක් දියත් කල ටෙශාන් මලින්ද නොදැවී ලකුණු 103*යි.

මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 78 (පන්දුවාර 22.4): ඉසුරු උදයංග 25, මලිදු විදුරංග 4/30, ප්‍රවීන් නිමේෂ් 3/29

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 7ක් දැවී ලකුණු 241 dec (පන්දුවාර 67): ටෙශාන් මලින්ද 103*, ලසිදු අරෝශ් 62


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර තරඟය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී අද (30) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය අවසානයේ ඩී.එස්. සේනානායක විද්‍යාලය තම පළමු ඉණිමට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබාගෙන සිටියි.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් චරණ ලකුණු 108ක් ලබාගෙන ලකුණු 206ක් දක්වා තම ඉණිම සවිමත් කරවන ලදි. ඔහු සමගින් එක්වූ සවන ප්‍රභාශ් ලකුණු 23ක් ලකුණු පුවරුවට එකතු කරන ලදි. ඩිල්ශාන් ලාහීර් ලකුණු 47ක් තුල කඩුලු 3ක් දවාලමින් තර්ස්ටන් විද්‍යාලයට අභියෝගයක් විය.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 206 dec (පන්දුවාර 72.4): චරණ නානායක්කාර 108, සවන ප්‍රභාශ් 23, ඩිල්ශාන් ලාහීර් 3/47, මුදිත ලක්ෂාන් 2/52

ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 4 (පන්දුවාර 3):


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

අද (30) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 190ක් ලබාගෙන සිටියි.

ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් අමිල දයංකට හැරෙන්නට වෙනත් කිසිවෙකුට සාර්ථක වීමට දිලීප ජයලත් ඇතුළු ආනන්ද පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත. ධර්මපාල විද්‍යාලයේ ලකුණු 98ට පිළිතුරු ලෙස තම පළමු ඉණිම දියත් කල ආනන්දය වේගවත් පිතිකරණයක නිරත වූ අතර, සහන සුරවීර තවත් ශතකයක් අද දිනයට එකතු කරවමින් ලකුණු 109ක් ලබා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී  ලකුණු 98 (පන්දුවාර 59): අමිල දයංක 21, දිලීප ජයලත් 5/16, චාමික දීමන්ත 2/30

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) කඩුලු 3ක් දැවී ලකුණු 190 (පන්දුවාර 22) සහන සුරවීර 109, කවිදු ගිම්හාන 63, චමිදු සමරසිංහ 2/09

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට