ප්‍රභාත් සහ ලසිත ශතක සබඳතාවක

83

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) ආරම්භ වූ සාන්ත බෙනඩික්ට් සහ සාන්ත අන්තෝනි අතර තරගයේ දී  සාන්ත අන්තෝනි විද්‍යාලයේ සචින් ප්‍රභාත් සහ ලසිත වැරල්ලගම ශතක සබඳතාවක් වාර්තා කළහ.

පවන් ද්විත්ව ශතකයකට පසුව නැවත ශතකයකට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු…

කොළඹ තර්ස්ටන් සහ පන්නිපිටිය ධර්මපාල 

තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අද (06) නිමා වූ මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 56 (27.1) ඉරංග තේජාන් 17, නිපුන් කාංචන 6/20, විහෂ් තෙව්මික 2/03 සහ දෙවැනි ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 4ක දී කඩුල්ලක් දැවී 11) සියලුම දෙනා දැවී 132 (32.2) සංචන ලංකා 64, යොහාන් ලියනගේ 4/54, නිපුන් කාංචන 3/30

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (48) යොහාන් ලියනගේ 40, රනේෂ් සිල්වා 37, තිනෙත් ප්‍රබුද්ධ 33, ජයවිහාන් මහවිතාන 30, අවිශ්ක කෞෂල්‍ය 29, දිනිත් නෙලුම්දෙණිය 7/81

86 වැනි සාන්තුවරුන්ගේ සටනට කණ්ඩායම් දෙකේම අවි සූදානම්

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 86 වැනි වරටත්…

කොටහේන සාන්ත බෙනඩික්ට් සහ මහනුවර සාන්ත අන්තෝනි 

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දී අද (06) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 242ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් සචින් ප්‍රභාත් ශතකයක් ලබා ගත්තේය. 

ඔහු පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තේය. ඊට අමතරව ලසිත වැරල්ලගම පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව 2 වැනි කඩුල්ලට ලකුණු 168ක් ලබා ගැනීම කැපී පෙණුනි. 

පන්දු යැවීමේ දී මලින්ද පෙරේරා ලකුණු 82කට කඩුලු 5ක් දවා ගත්තේය. 

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (76) සචින් ප්‍රභාත් 107, ලසිත වැරල්ලගම 81, මලින්ද පෙරේරා 5/82, අකිඳු කරුණාරත්න 3/48

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 43 (17) විහඟ රුවනරා නොදැවී 23

මෙම තරගය හෙට (07) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<