නිශාන් මදුෂ්ක, මනුෂ්ක හා දුල්ශාන්ගෙන් වැඩි දස්කම්

292

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (6) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් අවසන් වූ තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගන්නට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් විය.

සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් වසර 10ක වාර්තාවක් අලුත් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්…

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස මොරටු විදුහල් පිටියේ දී නිමා වූ මේ තරගයේ දී නිශාන් මදුෂ්ක හා ශෂික දුල්ශාන් වැඩි දස්කම් දැක්විය.

ඊයේ (5) දිනයේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 187කට සීමා විය. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චේතක දෙනුවන් ලකුණු 45ක් ලබාගත් අතර පසිඳු මනුප්‍රිය ලකුණු 38යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක එරන් හංසමාල් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තේය.

තරගයේ දෙවන දිනය අද ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මොරටු මහා විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටියේ සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 82ක් පසුපසිනි සිටිමිනි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 134 සීමා විය.

ලකුණු 53ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත සර්වේසස් විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක්  සිය ඉනිම  අත්හිටුවන ලදි. එම ඉනිමේ දී පුෂ්පිත ඩිල්ශාන් ලකුණු 33ක් රැස් කරගත්තේය. පන්දු යැවීමේ දී රෂාන් කවිෂ්ක ලකුණු 53කට කඩුලු 5ක් තමන් සතු කරගන්නා ලදි.

ලසිත් ඇඹුල්දෙනිය අයර්ලන්තය මෙල්ල කරයි

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල…

ලකුණු 213ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව සිය පිළිතුරු දෙවන ඉනිම දියත් කළ මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ දකුණතින් පිතිකරණයේ නිරත වන නායක නිශාන් මදුෂ්ක ලකුණු 32ක් ලබාගෙන තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු යැවීමේ දී ද නැවත වතාවක් ක්‍රියාත්මක වූ දඟපන්දු යවන ක්‍රීඩක ශෂික දුල්ශාන්  ලකුණු 28කට කඩුලු 5යි.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 187 (67.4): චේතක දෙනුවන් 45, පසිඳු මනුප්‍රිය 38, එරන් හංසමාල් 4/48, විශ්ව දිදුලන 3/31.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 134 (43.3): නිශාන් මදුෂ්ක 54, ශෂික දුල්ශාන් දුල්ශාන් 6/40.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම – 159/8d (56): පුෂ්පිත ඩිල්ශාන් 33,  කේෂර නුවන්ත 29, චරිත් හර්ෂණ 23*, රෂාන් කවිෂ්ක 5/53.

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම – 80/6 (33): නිශාන් මදුෂ්ක 32, විශ්ව දිදුලන 20, ශෂික දුල්ශාන් 5/28.


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

සාන්ත ආනා විදුහල් පිටියේ පැවති මෙම සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තේ මනුෂ්ක සමෙත් හා චතුර ප්‍රභාත් ලබාගත් ලකුණු සවියක් කරගෙනයි. පන්දු යැවීමේ දී සාන්ත ආනා විද්‍යාලයේ කවිඳු රණසිංහ  කඩුලු 4ක් දවා ගත්තේය.

අයහපත් ආලෝකය නිසාවෙන් පළමු දිනයට තරගය නවතා දමන විට සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 12ක් ලබාගෙන සිටින්නේ සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 201ක් පසුපසින් සිටිමිනි.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම  – 213/9d (78.2): මනුෂ්ක සමෙත් 50, චතුර ප්‍රභාත් 48, සංදීප චමෝද් 30, කවිඳු දිල්හාර 27, කවිඳු රණසිංහ  4/52.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 12/1 (13):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (7) දෙවන දිනයත් ක්‍රියාත්මක වෙනු ඇත.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <