පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසරණ වේ

260

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (05) සමත් වූහ

ඇන්ටිගුවා හි කූලිඩ්ගේ ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ICC  කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවති දෙපිලේ ම පළමු පෙරහුරු තරගයයි.

“ශ්‍රේණිගත කිරීම් කිසිවක් තරග දිනන්න අදාළ වෙන්නේ නෑ” – චමරි අතපත්තු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හයවැනි වරටත් සංවිධානය කරනු ලබන ….

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මහත් අමාරුවෙන් පන්දුවාර 20 තුළ රැස් කළේ ලකුණු 98ක් පමණි. ඉන් ලකුණු 30ක්ම හිමි වූයේ ශෂිකලා සිරිවර්ධන වෙත ය. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කර තිබුණි.

ඊට අමතරව ලකුණු අතරට පිවිසියේ නායිකා චමරි අතපත්තු (12) සහ හසිනි පෙරේරා (13) පමණි. අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ආසන්නයටවත් පැමිණීමට නවසීලන්ත පන්දු යවන්නියෝ ඉඩ තැබුවේ නැත.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 3 දී අහිමි වූ පසු චමරි අතපත්තු සහ හසිනි පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 20ක සබඳතාවක් ගොඩ නැගූහ. ඉනිමේ වඩාත් බලාපොරොත්තු තබා සිටි එෂානි ලොකුසූරිය තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට දැරිය නොහැකි පාඩුවක් විය. ඒ වෙද්දී චමරි අතපත්තු ද සිටියේ ඉනිම හැර ගොසිනි.

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගුණේ 7 වැනි කඩුල්ලට ය. ඒ ශෂිකලා සිරිවර්ධන සහ අමා කාංචනා අතර ය. ඔවුන් ලකුණු 32ක සබඳතාවක් කණ්ඩායමට  එක් කළහ. අමා කාංචනා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 7කි.

පාකිස්තාන ක්‍රීඩකයෝ හමුවේ නවසීලන්තය බාල්දු වෙයි

පාකිස්තානය සහ නවසිලන්තය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් ….

පන්දු යැවීමේ දී අමේලියා කෙර් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තා ය. ඊට අමතරව ජෙස් වට්කින් කඩුලු2ක් ද ලියා ටාහුහු, සුසී බාටේස් සහ අමී සටර්ත්වෙයිට් කඩුල්ල බැගින් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 12ක් ඉතිරිව තිබිය දී ලකුණු 99ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ මැඩි ග්‍රීන් ය. ඇය පන්දු 35ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා තිබිය දී ඉනිම අතහැර ගියා ය. ඊට අමතරව ආරම්භක පිතිකාරිනී සුසි බාටේස් ලකුණු 30ක් ලබා ගත්තා ය. ඇය පන්දු 30කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තා ය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු යැවීමේ ඉනිමට වඩාත් සුබවාදීව අවතීර්ණ වූවද එය තෙවැනි කඩුල්ලෙන් පසු වෙනස් විය. නවසීලන්ත ඉනිමේ කඩුලු 3ක් දැවී ගියේ ලකුණු 11ක්  වෙද්දී ය. අනතුරුව සිව්වැනි කඩුල්ලට ලකුණු 42ක් එක් කිරීමට සුසී බාටේස් සහ මැඩි ග්‍රීන් සමත් වූහ.

ඉනිම අවසන් වෙද්දී හයිලි ජෙන්සෙන් පන්දු 27කට මුහුණ දී නොදැවී ලකුණු 15ක් ද, බර්නඩීන් බෙසුයිඩෙන්හුට් පන්දු7ක දී නොදැවි ලකුණු 9ක් ද ලබා සිටිය හ.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධිනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුල්ල බැගින් දවා ගත්හ.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 98 (20): හසිනි පෙරේරා 13, ශෂිකලා සිරිවර්ධන 30, ජෙස් වට්කින් 2/15, අමේලියා කේර් 4/13

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ; කඩුලු 9ක් දැවී 99 (18): සුසේයි බාටේස් 34, මැඩී ග්‍රීන් 36, උදේශිකා ප්‍රබෝධිනි 1/08

ඉන්දීයාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පුහුණු තරගය

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පුහුණු තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 115ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දිය ක්‍රීඩිකාවෝ තරගය අතර මග නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 77ක් ලබා සිටිය හ.

යාදව් සහ කාර්තික් ඉන්දියාව ගොඩදායි

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ ….

බංග්ලාදේශ සහ අයර්ලන්තය අතර පුහුණු තරගය

මෙම තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 6කින් ජයග්‍රහණය ලැබූ හ. පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 83ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 86ක් ලබා ගත්හ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<