මොරටු විද්‍යාලය සහ නාලන්දාවට වැඩි වාසිය

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

84

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අද (5) ක්‍රියාත්මක විය. ඒ අතරින් නිමා වූ තරග වලින් මොරටු මහා විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය.

Video – මෙවර Major Emerging තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ලසිත් කෲස්පුල්ලේ – Powerplay – Lasith Croospulle

මාරිස්-ස්ටේල්ලා විදුහලෙන් දස්කම් දක්වා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට වරම්…

දෙවන දිනයට පැවති තරග 

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

මොරටු විදුහල් පිටියේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මොරටු මහා විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ සංචාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර මොරටු මහා විද්‍යාල ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 171ක් වාර්තා කරගන්නා ලදි. එහි දී නිරාජ් කවිෂ්ක ලකුණු 91ක් වාර්තා කරගනිමින් ඉනිමේ කොඳු නාරටිය බවට පත් වන විට, චමිඳු රවිශාන් ලකුණු 33ක් ලබා ගනිමින් ඔහුට සහය විය. 

ධර්මරාජ විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් ලබා ගත් අසාර්ථක ආරම්භය නිසාවෙන් ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 105කට සීමා විය. එහි දී මහිත් නෙත්විනු සහ එරන් හංසමාල් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර චේතිය වීරකෝන් සටන්කාමි පිතිකරණයක නිරත වෙමින් අර්ධ ශතකයක් වෙත ළඟා විය. 

ලකුණු 66ක පළමු ඉනිමේ වාසියක් සමඟින් මොරටු මහා විද්‍යාලය සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර තරගයේ නියමිත වේලාව අවසන් වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 92ක් ලබාගෙන තිබුණි. එහි දී චමල්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කරගත්තේය. 

ධර්මරාජ විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක උපේන්ද්‍ර වර්ණකුලසූරිය මේ තරගයේ දී කඩුලු 5ක් දවා ගන්නා ලදි. මේ තරගයේ දෙවන දිනයේ ආරම්භය තරමක් ප්‍රමාද වූයේ ඊයේ (4) රාත්‍රියේ ඇදවැටුණු අධික වර්ෂාවෙන් ක්‍රීඩා පිටියේ අවට ප්‍රදේශය තෙත් වී තිබූ නිසයි.

මොරටු මහා විද්‍යාලය – 171 (55.1) නිරාජ් කවිෂ්ක 91, චමිඳු රවිශාන් 33, විරාජිත් ඇහැලේපොල 4/48, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/39. සහ 92/9 (48) චමල්ක ප්‍රනාන්දු 53, යසිත සමරරත්න 4/29, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/31.

ධර්මරාජ විද්‍යාලය  – 105 (40.3) චේතිය වීරකෝන් 51, මහිත් නෙත්විනු 4/03, එරන් හංසමාල් 3/28, නිරාජ් කවිෂ්ක 2/35. 

ත්‍රිත්ව සහ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ජයග්‍රාහී දිනයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට්…

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය 

සාන්ත සර්වේසස් විද්‍යාලයේ ශ්‍රී ලංකා වයස් අවුරුදු 19න්  පහළ නියෝජනය කළ චිහාන් කළිඳු ලබා ගත් අර්ධ ශතකය හැරෙන්නට පිතිකරුවන්ට එතරම් වැඩි ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ මේ තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්දා විදුහල් පිටියේ දී නිමා විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සංචාරක සාන්ත සර්වේසස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 149ක් ලබාගත් අතර දිනෙත් සමරවීර සහ මහීම වීරකෝන් අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියේය. 

සිය පිළිතුරු ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ පිතිකරුවන් සියලුම දෙනා පාහේ ලකුණු අතරට පැමිණීම නිසා සියල්ලන්ම දැවී ලකුණු 206ක් ලබා ගැනීමට හැකි විය. රශාන් දිසානායක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 38ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී දමිඳු සංකල්ප ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තේය.

ලකුණු 56ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබාගෙන ඉනිම අත්හිටවනු ලැබූ නමුත් ලකුණු 79ක් හඹා යාමට තරම් පන්දුවාර ප්‍රමාණයක් සහ කාල වෙලාවක් නොතිබීම නිසා තරගය නවතා දැමීමට විනිසුරුවරුන් කටයුතු කළේය. 

සාන්ත සර්වේසස් විද්‍යාලය – 149 (55.4) නවීන් සාහිත් 42, දිනුජ නිලන්දූව 30, දිනෙත් සමරවීර 4/23, මහීම වීරකෝන් 4/30. සහ 134/8d (40) චිහාන් කළිඳු 58, රවීන් ද සිල්වා 4/26. 

නාලන්දා විද්‍යාලය – 206 (85) රශාන් දිසානායක 38, රනිඳු ද සිල්වා 33, රවීන් ද සිල්වා 31, දමිඳු සංකල්ප 5/48.

සුපිරි ක්‍රිකට් තරු දෙකකට All Blacks වරම්

රග්බි පිටියේ දී පමණක් නොව ක්‍රිකට් තරග බිමේ දී ද තම හැකියා දක්ෂතාවන්…

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

කුරුණෑගල සාන්ත ආනා විදුහල් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර කාසියේ වාසිය දිනා ගත් ඇලෝසියස් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත ආනාවරුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 157ක් රැස් කරගත්තේය. 

තවත් සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ මුල් ඉනිම වර්ණවත් කළ ලසිත් වර්ණකුලසූරිය ලකුණු 92ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙනුන ක්‍රීඩකයා බවට පත් විය. පන්දු යැවීමේ දී දුල්මිණ දසුන් සහ සඳුන් මධුසංක අතරේ පිළිවෙළින් කඩුලු 4ක්  සහ කඩුලු 3ක් බෙදී ගියේය.

කවිඳු දිල්හාර සහ චාමික සඳරුවන් ලබා ගත් ලකුණු සවියක් කරගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය සාන්ත ආනා පළමු ඉනිම අභිබවා යමින් ලකුණු 179ක් රැස් කරගත්තේය. දඟපන්දු යවන ක්‍රීඩක සාන්ත ආනා විද්‍යාල නායක කවිඳු රණසිංහ (මිනෝද් භානුකගේ සොහොයුරා) ලකුණු 61කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. ඊට අමතරව මානන් මුසම්මිල් සහ ත්‍රිමල්ෂ සිල්වා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

තරගය අවසන් වන විට සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිමේ ලකුණු සටහන 145/9ක් ලෙස සටහන් විය. සඳුන් මධුසංක සහ දුල්මිණ දසුන් එම ඉනිම තුලද පන්දුකරණයෙන් දස්කම් දක්වන ලදි. 

සාන්ත ආනා විද්‍යාලය – 157 (74.5) ලසිත් වර්ණකුලසූරිය 92, දුල්මිණ දසුන් 4/36, සඳුන් මධුසංක 3/55. සහ 145/9 (51.1) දිල්හාර දේශබන්ධු 34, කවිඳු රණසිංහ 23, සඳුන් මදුසංක 4/30, දුල්මිණ දසුන් 3/53

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 179 (63.4) කවිඳු දිල්හාර 52, චාමික සඳරුවන් 34, ඔමල් සදිත් 26, කවිඳු රණසිංහ 4/61, මානන් මුසම්මිල්  2/27, ත්‍රිමල්ෂ සිල්වා 2/29.

පළමු දිනයට පැවති තරගය

රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය යි. 

රාජකීය විද්‍යාලය – 157 (63.5) තෙවිඳු සේනාරත්න 56, කෞශාන් කුලසූරිය 24, නිම්නක ජයතිලක 5/32.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 70/7 (26) ප්‍රභාත් සචින් 32, ප්‍රශාන් කල්හාර 2/05, ගිශාන් බාලසූරිය 2//16, ලහිරු මධුසංක 2/18.

අද දින ආරම්භ වූ තරගය හෙට (06) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<