පාසල් ක්‍රිකට් පිටිය බාධා මැදින් ඉදිරියටම

124

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) පැවැත්වූ අතර එම තරග සාර්ථකව අවසන් කර ගැනීමට නොහැකි වූයේ විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි.

ඕස්ට්‍රලේෂියා කුසලාන ගෘහස්ථ ක්‍රිකට් පිටියේ වැඩි ගෞරවය ලෝක ශූරයින්ට

ඕස්ට්‍රලේෂියා කුසලානය වෙනුවෙන් පැවති ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය පසුගිය 20 වැනිදා සිට පුරා දින 4ක් පුරාවට තලවතුගොඩ පිහිටි ඔස්තේෂියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

ඊයේ (24) දිනයේ ආරම්භ වූ මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ  අතර ඒ සඳහා තරගයට එල්ල වූ දැඩි වර්ෂාපතනය ප්‍රධාන ලෙස හේතු වන්නට  විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර අද දිනය සඳහා ද තරගය නියමිත වේලාවට ආරම්භ කර ගැනීමට නොහැකි වූයේ ක්‍රීඩාංගණය තෙත බරිත ස්වභාවයක් ඉසිලීම නිසයි. කෙසේ වුවත් ඊයේ දිනයේ දී එකඳු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ තරගය අද දහවල් වන විට ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණි. අශේන් එගොඩගේ නොදැවී ලකුණු 41*ක් ලබාගෙන ධර්මපාල විද්‍යාල පළමු ඉනිම සවිමත් කළේය.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 141/5 (42): අශේන් එගොඩගේ 41*, අමිල දයංක 30, සංචන ලංකා 23, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/33.

ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (25) අවසන් වූ පස්වැනි සහ අවසාන විස්සයි විස්ස ක්‍රිකට්…

දේවපතිරාජ විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ අංශයේ A කාණ්ඩය යටතේ පැවැත්වූ පළමු තරගය අද (25) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අලුතින් A කාණ්ඩයට පිවිසි දේවපතිරාජ විද්‍යාලයේ පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කරන ලදි. මේ තරගයේ ආරම්භක දිනය වූ අද දිනයේ තේ පානයට පසුව එතරම් වේලාවක් තරගය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසයි.

සුදීර වීරරත්න ලකුණු 48ක් ලබාගෙන දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම ඔසවා තබන ලදි. තිසර ඩිල්ශාන්  ලකුණු 35*යි.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 171/7 (70): සුදීර වීරරත්න 48, තිසර ඩිල්ශාන් 35*, ඉරුෂික තිමිර 30, මහීෂ තීක්ෂණ 3/52.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (26) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <