මුදිත හා මෙතුශාන් ඩී. එස් සේනානායක විද්‍යාලය පෙරමුණේ තබයි

833

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (25) නත්තල් දිනයේ දී කොළඹ සහිරා ක්‍රිකට් පිටියේ දී අවසන් වූයේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

මේ තරගයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන්  පන්දු යැවීමෙන් මෙතුශාන් කුමාර දස්කම් දැක්වූ අතර මුදිත ලක්ෂාන් තුන් ඉරියව්  අංශයෙන්ම දස්කම් දක්වමින් මේ තරගයේ පළමු ඉනිමේ ජය ඩී. එස්. සේනානායක විද්‍යාලයට දිනා දෙන ලදි.

එකම දිනයේ දී මුදිත නාමය ඉදිරියෙන් ශතක ද්විත්වයක් ලියවෙයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) දිනයේ…

පාසල් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙසින් ඊයේ (24) කොළඹ සහිරා විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සහිරා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය ඊයේ දිනය නිමා වන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 300ක් ලබා සිටියේය. එම ඉනිම වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන සිව්වැනි වසරේ ක්‍රීඩකයෙක් වන මුදිත ලක්ෂාන් පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භයේ දීම සිය පළමු ඉනිම  අත්හිටුවමින් කෙළින්ම පන්දු රැකීමට පිටියට පැමිණි සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය සත්කාරක සහිරා විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 193 කිරීමට සමත් වූයේ, ඉතාමත් දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමිනි.

එහි දී සහිරා විද්‍යාලයේ සිටි නම ගිය පිතිකරුවන් කිහිප දෙනෙකු හටම සාර්ථක වීමට වමතින් පිට දඟපන්දු යවන මෙතුශාන් කුමාර හා දකුණතින් පිට දඟපන්දු යවන චමත් යටවර අවස්ථාව ලබා දුන්නේ නොමැත. කෙසේ නමුත් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන චතුර දිල්රුක්ෂණ ලකුණු 71ක් ලබා ගත්තේ ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමිනි. අවසානයේ සහිරා පළමු ඉනිම ලකුණු 196කට සීමා විය.

බොක්සිං දින ටෙස්ට් තරගයේ දී දෙරටේ ඉරණම විසඳෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හා වැදගත් දෙවන ටෙස්ට් ක්‍රිකට්…

සහිරා විද්‍යාල පළමු ඉනිම ලකුණු 196කට සීමා වීම නිසා ඉනිමක ජයක් අපේක්ෂාවෙන් නැවත වතාවක් පන්දු යැවීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය තීරණය කළ නමුත් සහිරා විද්‍යාල පිතිකරුවන් සිය විද්‍යාලයට ඉනිමක පරාජයක් නොලැබෙන ලෙස ඔවුන්ගේ දෙවන ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 142ක් ලබා ගත්තේය. එහි දී රිද්මික නිමේෂ් පළමු ඉනිමේ ලබාගත් ලකුණු 28ට අමතරව දෙවන ඉනිමේ දී ද ලකුණු 49ක් රැස්කර ගන්නා ලදි.

ඉන් පසුව ලකුණු 36ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය පන්දුවාර 2ක් තුල එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටිය දී අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගය නවතා දැමීමට විනිසුරුවරුන් හට සිදු විය.

>>Photos : D.S. Senanayake College vs Zahira College | Singer U19 Cricket Tournament 2018/19<<

ඒ නිසාවෙන් සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 17ක් මෙපිටින් සිටිමින් පළමු ඉනිමේ ජයග්‍රහණයකින් පමණක් සෑහීමකට පත් වීමට ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් හට සිදු විය. පන්දු යැවීමේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මෙතුශාන් කුමාර තරගය පුරාවටම කඩුලු 10ක් දවාගෙන තරගයේ කැපී පෙණුනු පන්දු යවන්නා බවට පත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම: 300/6 (71): මුදිත ලක්ෂාන් 133, අමිත දාබරේ 56, සඳරු වික්‍රමරත්න 28, මොහොමඩ් රිෆාත් 3/67.

සහිරා විද්‍යාලයීය පළමු ඉනිම: 193 (48.4): චතුර දිල්රුක්ෂණ 71,  රිද්මික නිමේෂ් 28, මෙතුශාන් කුමාර 5/43, චමත් යටවර 3/47.

සහිරා විද්‍යාලයීය දෙවන ඉනිම (F/O): 142 (39.3): රිද්මික නිමේෂ් 49, මෙතුශාන් කුමාර 5/46, මුදිත ලක්ෂාන් 4/23.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම:  19/1 (2):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<