එකම දිනයේ දී මුදිත නාමය ඉදිරියෙන් ශතක ද්විත්වයක් ලියවෙයි

360

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) දිනයේ ද දිවයිනේ පිහිටි විවිධ ක්‍රීඩාංගණයන් කිහිපයක් තුළ දී පැවැත්විය. මෙම තරග වල දී පිතිකරණ අංශයෙන් සුපිරි දස්කම් දැක්වූ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මුදිත ප්‍රේමදාස හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් විසින් ශතක රැස් කිරීමට සමත් වුනා.

කවිෂ්ක සේනාධීරගේ කඩුලු 13 ත්‍රිත්ව ජයට එළියක් වෙයි

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන…..

මලියදේව විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මලියදේව ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් හට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 123ක් පමණි. ඊට පිළිතුරු ලෙස ධර්මාශෝක විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 89ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සත්කාරක මලියදේව ක්‍රීඩකයින් එහිදී ලකුණු 226ක් රැස්කළ අතර එම ඉනිම වෙනුවෙන් මුදිත ප්‍රේමදාස නොදැවී ලකුණු 131ක් වාර්තා කළා. මෙහිදී ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට කවිඳු නදීශාන් හට හැකි වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 138ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත් අතර එම ඉනිමේ දී අරෝෂණ ද සොයිසා අර්ධ ශතකයක් සිය නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් වුනා.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම: 123 (37.2) – සුපුන් සමරරත්න 36, නිසංජය හෙට්ටිආරච්චි 27, විදත් බටේපොල 22, අරෝෂණ ද සොයිසා 4/18

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම: 212 (56.2) – සේන දේශායි 51, දිනුක ඩිල්ශාන් 40, අරෝෂණ ද සොයිසා 42, නිකිල ධර්මදාස 5/26, ගයන්ත වික්‍රමආරච්චි 2/36, කවීන් බණ්ඩාර 2/42

මලියදේව විද්‍යාලය දෙවැනි ඉනිම: 226 (59.5) – මුදිත ප්‍රේමදාස නොදැවී 131, කවීන් බණ්ඩාර 25, සුපුන් සුමනරත්න 23, කවිඳු නදීශාන් 5/68, අකිල මෙන්ඩිස් 3/31

ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම: 141/5 (27.5) – අරෝෂණ ද සොයිසා 52, දිනුක ඩිල්ශාන් 38, කවීන් බණ්ඩාර 2/37

ශතක ඉනිම් සමඟින් දිනෙත්, ආනන්ද් පිටිය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරග අතුරින් දක්ෂතා දැක්වීමට රාගම ක්‍රිකට් සමාජයේ…..


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී සුහද තරගයක් ලෙසින් පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් වේල්ස් කුමාර විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 251ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවා ප්‍රතිවාදී තර්ස්ටන් විද්‍යාලයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් අතර තරගය නතර කරන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 197ක් ලබා සිටියා.

වේල්ස් කුමාර විද්‍යාලය වෙනුවෙන් ප්‍රින්ස් ප්‍රනාන්දු සහ දේවක පීරිස් යන ක්‍රීඩකයින් දෙපළ පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූ අතර පන්දු යැවීමේ දී සුවත් මෙන්ඩිස් ලකුණු 45කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කරමින් නිමේෂ් පෙරේරා ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

වේල්ස් කුමාර විද්‍යාලය පළමු ඉනිම: 251/7 (104) ප්‍රින්ස් ප්‍රනාන්දු 53, සුදත් මෙන්ඩිස් 43, විනුජ රාන්පෝල් 36, දේවක පීරිස් 49, පසිඳු පැතුම් නොදැවී 21, සඳරු ඩයස් 3/82, අයේෂ් හර්ෂණ 3/71

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම: 197/8 (70) නිමේෂ් පෙරේරා 55, යොහාන් ලියනගේ 39, රනේෂ් සිල්වා 28, බවන්ත ජයසිංහ 20, ජයවිහාන් ප්‍රදීප්ත 25, කෞමාල් නානායක්කාර 3/62, සුවත් මෙන්ඩිස් 5/45

Photos: Thurstan College v Prince Of Wales College – Singer U19 Cricket Tournament 2018/19

 


කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

මෙම දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙසින් අද (24) දින කොළඹ සහිරා විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සහිරා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය දිනය නිමා වන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 300ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් මුදිත ලක්ෂාන් පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊට අමතර ව අමිත දාබරේ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 56ක් ලබා ගත් අතර සහිරා විදුහල වෙනුවෙන් කඩුලු ලබා ගැනිමේ දී මොහොමඩ් රිෆාත් පන්දුවාර 16ක් තුළ දී ලකුණු 67කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගය හෙට (25) දෙවැනි දිනය සඳහා ද පැවැත්විමට නියමිතව ඇත.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම: 300/6 (71) – මුදිත ලක්ෂාන් 133, අමිත දාබරේ 56, සඳරු වික්‍රමරත්න 28, මොහොමඩ් රිෆාත් 3/67

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<