කොදෙව්වන්ට ICCයෙන් දඩයක්

88

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය 22 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති පළමු එක්දින තරගයේ දී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවා ගැනීම නිසා කොදෙව් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක් හටම තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමට ICCය තීරණය කර ඇත.

නිශාන් සහ ලහිරු දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major…..

ICC ප්‍රමුඛ පෙළේ විනිසුරුවරයෙක් වන ජවගල් ශ්‍රී නාත් එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ අතර කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ නියමිත කාල සීමාව තුල පන්දුවාර දෙකක් ප්‍රමාද වී ක්‍රියාත්මක කර තිබෙන බව තරග තීරකවරයා විසින් පවසා තිබෙන අතර කොදෙව් නායක පොලාර්ඩ් විසින් එය පිළිගෙන ඇත.

ICC ක්‍රීඩක සහ ක්‍රීඩක සහායක රෙගුලාසි වලට (2.22) අනුව ප්‍රමාද වී යවනු ලබන එක් පන්දුවාරයක් සඳහා සෑම ක්‍රීඩකයෙක්ගේම තරග මුදලින් 20%ක දඩ මුදලක් අය කර ගැනීමට ICC යට හැකි අතර මේ තරගයේ දී පන්දුවාර 2ක ප්‍රමාදයක් වී තිබෙන නිසා මෙසේ 40%ක දඩයක් පනවා තිබේ.

කන්ද උඩරටින් සහ මාතරින් සුපිරි 8 අසුන් දෙකක් ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද….

කොදෙව් නායක පොලාර්ඩ් විසින් මේ වරද පිළිගෙන තිබෙන නිසා මෙයට එරෙහිව පරීක්ෂණයක් කිරීම අනිවාර්‍ය නොවන බව ද ICCය විසින් නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තරගයේ තරග තීරක විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ, පෝල් විල්සන් සහ තෙවන සහ සිව්වැනි විනිසුරුවරුන් ලෙස කටයුතු කළ මරයාස් එරස්මස් සහ ලින්ඩන් හැනිබල් විසින් ද මේ දඩ මුදල පැනවීම අනුමත කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<