නිපුන්ගේ ඒක පුද්ගල ප්‍රසංගයේ දී යුගාත්ගෙන් කඩුලු 10ක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

75

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සාන්ත ජෝසප් වාස් සහ ලුම්බිණි තරගය ඊයේ (22) ජය පරාජයෙන් තොරව නිමාව දිටීය. කෙසේ නමුත් මේ තරගයේ පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම සමත් විය.

එම තරගයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාල නායක නිපුන් ධනංජය සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් මේ තරගයේ දී සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර වයස අවුරුදු 15ක් වන වමතින් දඟපන්දු යවන යසිරු යුගාත් ලුම්බිණි විද්‍යාල වෙනුවෙන් කඩුලු 11ක් දවා ගනිමින් මේ තරගයේ දී දස්කම් දක්වන ලදි. 

ක්‍රීඩා ඇමති ධුරයට ඩලස්

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද (22) ජනාධිපති ලේකම්……

D කාණ්ඩයේ තරගයක් ලෙස ඉකුත් දා (21) කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ඇරයුමින් පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාල පිතිකරුවන් අසාර්ථක ලෙස පිතිකරණයේ නිරත වන විට නායකත්වයේ පිතිකරණයක නිරත වූ නිපුන් ධනංජය ලකුණු 93ක් වාර්තා කරගනිමින් නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පිවිසියේය. 

නිපුන්ගේ අර්ධ ශතකයට අමතරව නෙත්මල් ද සොයිසා සහ ඔනෙල් ඉලන්ගසේකර පිළිවෙළින් ලකුණු 27ක් සහ ලකුණු 26ක් රැස් කරගනිමින් සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම ලකුණු 229ක් දක්වා රැගෙන ගියේය. පන්දු යැවීමේ දී යුගාත් සාන්ත ජෝසප් වාස් පළමු ඉනිමේ කඩුලු 6ක් ලකුණු 59ක් තුල දවාලිමින් දස්කම් දැක්විය.  

>>Photos: Prince of Wales College v S.Thomas’ College | U19 Cricket Tournament 2019/20<<

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 229ට පිළිතුරු ලෙස ලුම්බිණි විද්‍යාලය මේ තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 51ක් රැස්කරගෙන තිබුණි. 

ඔවුන් යම් සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් නිපුන් ධනංජය සිය වගකීම පන්දු යැවීමෙන් ද ඉටු කරනු ලැබූ නිසා ලුම්බිණි විද්‍යාලයට ඔවුන්ගේ පළමු ඉනිමේ ජය හෝ තහවුරු  කරගැනීමට අවස්ථාව උදා වූයේ නොමැත. ඊට අමතරව පන්දු යැවීමෙන් නිපුන්ට සහය වූ මෙනූෂ පෙරේරා ද කඩුලු 3ක් තමන් සතු කරගත්තේය. 

අවසානයේ ලුම්බිණි පළමු ඉනිම ලකුණු 151කට සීමා කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ක්‍රීඩකයෝ ලකුණු 79ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිසි අතර ඔවුන්ගේ දෙවන ඉනිම තුල නිපුන්ට සාර්ථක වීමට අවස්ථාව උදා වූයේ නොමැත. එසේ වුවත් මෙනූෂ පෙරේරා නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 73ක් දක්වා ඔසවා තබන ලදි. ටශික නිර්මාල් සාන්ත ජෝසප් ඉනිමේ කඩුලු 4ක් දවා ගත්තේය. යුගාත් දෙවන ඉනිම තුල ද කඩුලු 5ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 11ක් දවා ගන්නා ලදි. 

මේරියන්ස් සහ කෝල්ට්ස් අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging…..

ජයග්‍රහණය සඳහා ලකුණු 153ක ඉලක්කයක් හම්බ යාම සඳහා පිටියට පැමිණි ලුම්බිණි විද්‍යාලය තරගයේ නියමිත කාලය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 65ක් වාර්තා කරගෙන තිබුණි. එහිදී ද නිපුන් ලකුණු 2කට කඩුලු 4ක් දවා ගන්නා විට, මෙනූෂ ලකුණු 8කට කඩුලු 2ක් දවා ගත්තේය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 229 (76.4): නිපුන් ධනංජය 93, නෙත්මල් ද සොයිසා 27, ඔනෙල් ඉලන්ගසේකර 26, යසිරු යුගාත් 6/59, ටශික නිර්මාල් 2/41. 73 (45.1): මෙනූෂ පෙරේරා 28, ටශික නිර්මාල් 5/13, යසිරු යුගාත් 5/31.

ලුම්බිණි විද්‍යාලය – 151 (48.1): ටශික නිර්මාල් 31, ගිම්හාන තීක්ෂණ 28, ශවින්ද ප්‍රභාෂණ 20, නිපුන් ධනංජය 3/18, මෙනූෂ පෙරේරා 3/51, ෂෝන් ශෙනිල් 2/19. සහ 65/7 (21):  නිපුන් ධනංජය 4/24, මෙනූෂ පෙරේරා 2/08

තරගය ජය පරාජයෙන් තොරව අවසන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<