නව වසර ආරම්භයේ දීම රාජකීයයන්ට පළමු ඉනිමේ ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

113

ලැබුවා වූ නව දශකයක් සමඟ ආරම්භ වූ නව වසර ආරම්භ කරමින් සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවති තරගය අද (01) දින නිමාවට පත්විය. 

රවිඳු තරගයේ කැපී පෙනෙන විට මුදිතගෙන් සුපිරි දස්කම්

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු…

B කාණ්ඩයේ තරගයක් ලෙස කළුතර දොඹගොඩ දී නිමාවූ එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායක තෙවිඳු සේනාරත්න පළමුව පන්දුවට පහර දීම සඳහා අවස්ථාව ලබා ගත් අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 335 ක් රැස්කර ගනිමින් ඉනිම අත්හිටුවන ලදි. 

එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වමතින් පිතිකරණයේ නිරත වන ඉසිවර දිසානායක ලකුණු 68 ක් රැස්කර ගනිමින් සිය අර්ධ ශතකය වාර්තා කරගත්තේ ඉවසිවලිවන්ත පිතිකරණයක් දියත් කරමිනි. එය ඔහු මෙවර තරග වාරය තුළ වාර්තා කළ පළමු අර්ධ ශතකය වේ. ඉසිවර දිසානායකට අමතරව හිටපු පළමු පෙළ නායක කවිඳු මදාරසිංහ සහ සදීෂ රාජපක්ෂ අර්ධ ශතක වාර්තා කරගත්තේ පිළිවෙළින් ලකුණු 66 ක් සහ ලකුණු 63 ක් රැස්කර ගැනීමට සමත් වෙමිනි. 

ඉනිමේ කැපී පෙනෙන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ ප්‍රශාන් කල්හාර රාජකීය පසුපෙළ සවිමත් කරමින් ලකුණු අතරට පිවිසියේය. ඔහු මෙම තරගාවලිය පුරාවට ඉතාමත් හොඳින් කඩුලු අතරට පැමිණි නමුත් ඔහු සතු තුන් ඉරියව් දක්ෂතා පිළිබඳව වැඩි අවධානයකට ලක්වූයේ මෙම තරගයේ දීය. පන්දු යැවීමේ දී වමතින් පාදඟ පන්දු යවන කුෂාන් මධූශ ලකුණු 61 කට කඩුලු 3 ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

2019 ඇත්තටම නරක ද?

ගෙවී ගිය 2019 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායක අයුරින් ගත වූ එකක් නොවේ…

තරගයේ දෙවන දිනය වූ අද (1) දිනයේ පැය කිහිපයක් සිය පළමු ඉනිම තවදුරටත් සවිමත් කරගත් රාජකීයන් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටවනු ලැබුවේය. අනතුරුව පිටියට පැමිණි මහින්ද විද්‍යාල පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් ලබාදීමට ප්‍රශාන් කල්හාර සහ ගිශාන් බාලසූරිය ඇතුළු රාජකීය පන්දු යවන්නෝ සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 165 කට සීමා විය. 

කෙසේ නමුත් රාජකීය පීඩනය හැකි උපරිමයෙන් මැඩ පවත්වා ගනිමින් පිතිකරණයේ නිරත වූ රශ්මික මදුශංක මහින්ද විද්‍යාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව කවිඳු ලක්ෂාන් ලකුණු 23 ක් වාර්තා කර ගැනීමට සමත් විය. 

පිතිකරණයේ දී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ ප්‍රශාන් කල්හාර පන්දු යැවීමේ දී ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගන්නා විට වමතින් දඟපන්දු යවන ගිශාන් බාලසූරිය සහ සොනාල් අමරසේකර අතර පිළිවෙළින් කඩුලු 3 ක් සහ කඩුලු 2 ක් බෙදී ගියේය. 

රාජකීය විද්‍යාලය : 335/7d (112.5) ඉසිවර දිසානායක 68, කවිඳු මදාරසිංහ 66, සදීෂ රාජපක්ෂ 63, ප්‍රශාන් කල්හාර 50*, කෞශාන් කුලසූරිය 33, කුශාන් මධූෂ 3/61. 

මහින්ද විද්‍යාලය : 165 (80.3) රශ්මික මදුශංක 53, කවිඳු ලක්ෂාන් 23, ප්‍රශාන් කල්හාර 3/14, ගිශාන් බාලසූරිය 3/42, සොනාල් අමරසේකර 2/25.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<