රවිඳු තරගයේ කැපී පෙනෙන විට මුදිතගෙන් සුපිරි දස්කම්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

72

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (31) දින අවසන් වූ අතර තවත් තරගයක් ආරම්භ විය. 

ධර්මාශෝක විද්‍යාලයට පූර්ණ තරග ජයක්

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ……………

  • දෙවන දිනයට පැවති තරග

ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ සංචාරක ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව වෙස්ලි විද්‍යාලයට ලබා දුනි. ඒ අවසරයෙන් ක්‍රියාත්මක වූ වෙස්ලි විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 360 ක් දක්වා ගෙන ගොස් එම ඉනිම අත්හිටුවන ලද්දේ තවත් කඩුලු 4 ක් අතැතිව තිබෙන පසුබිමකයි. 

එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සාහිල් ඩයස් ලකුණු 57 ක් වාර්තා කරගන්නා විට සිදත් ධර්මසිරිවර්ධන, නිම්තක අධිකාරි සහ රාහුල් ගුණසේකර ලකුණු 40 ඉක්මවා ලකුණු වාර්තා කරගත්තේය. පන්දු යැවීමේ දී සිතුක ගුණවර්ධන කඩුලු 3 ක් දවා ගන්නා ලදි. 

එයට නොදවෙනි පිළිතුරු ඉනිමක් දියත් කළ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් රවිඳු රත්නායක තරගයේ කැපී පෙනුනු ක්‍රීඩකයා බවට පත්වෙමින් ලකුණු 162 ක් රැස්කර ගත්තේය. තෙවිඳු දික්වැල්ල ලකුණු 35 යි. පන්දු යැවීමේ දී එස්. ශකීර්තන් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගන්නා ලදි. 

වෙස්ලි විද්‍යාලය : 360/6d (95) සාහිල් ඩයස් 57, සිදත් ධර්මසිරිවර්ධන 48, නිම්තක අධිකාරි 46, රාහුල් ගුණසේකර 42, සිතුක ගුණවර්ධන 3/69. 

ඉසිපතන විද්‍යාලය : 314 (85.2) රවිඳු රත්නායක 162, තෙවිඳු දික්වැල්ල 35, ලොමිත රවීන්දිත් 26*, සවිඳු උත්සර 23, එස්. ශකීර්තන් 5/79.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය වෙස්ලි විද්‍යාලයට)


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප්  ක්‍රීඩකයින් පළමුව පන්දුවට රැකීමට තීරණය කළේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මුදිත ලක්ෂාන් මෙම තරගාවලියේ පසුගිය දින කිහිපය පුරාවට ඉතාමත් හොඳ තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර මෙම තරගයේ දීද එම දස්කම් නොඅඩුව පවත්වා ගැනීමට ඔහු සමත් විය. මෙම තරගයේ දී ඉනිම දෙක පුරාවට පිතිකරණයේ නිරත වූ ලක්ෂාන් අර්ධ ශතකයක් සහ ශතකයක් සමඟින් ලකුණු 191 ක් වාර්තා කරගන්නා විට පන්දු යැවීමේ දී ද එක ඉනිමක් තුළ කඩුලු 2 ක් දවා ගැනීමට ඔහුට හැකි විය. 

>>Photos : St. Joseph’s college Vs D. S. Senanayake College | U19 Cricket Tournament 2019/20<<

ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිමට රැස්කර ගත් ලකුණු 159 ට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 258 ක් වාර්තා කරගත්තේ දිනෙත් ජයකොඩිගේ අර්ධ ශතකයෙන් ලැබුනු පන්නරය සවියක් කරගෙන යි. ලකුණු 99 ක පළමු ඉනිමේ අවාසියක් සමඟ සිය දෙවන ඉනිම ආරම්භ කළ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් තරගය නිමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 220 ක් වාර්තා කරගෙන තිබුනි. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : 159 (53.2) මුදිත ලක්ෂාන් 77, චමත් යටවර 41, දුනිත් වෙල්ලාලගේ 3/34, ශාලින්ද සෙනෙවිරත්න  2/15, අශාන් ඩි අල්විස් 2/25. සහ 220/5 (73) මුදිත ලක්ෂාන් 114*, මනීන්ද්‍ර ජයතිලක 24*, ශාලින්ද සෙනෙවිරත්න 2/55. 

සාන්ත ජෝසප් විද්‍යාලය : 258 (59.3) දිනෙත් ජයකොඩි 57, මිරංග තේනුවර 41, දිනාල් අනුරාධ 37, ජොහෑන් ද සිල්වා 34, දුනිත් වෙල්ලාලගේ 22, චමත් යටවර 3/47, මනීන්ද්‍ර ජයතිලක 2/27, මුදිත ලක්ෂාන්  2/63. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය සාන්ත ජෝසප් විද්‍යාලයට)

Video – ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා වූ පළමු ශ්‍රී ලාංකිකයා – කුමාර් සංගක්කාර

2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර්…………..

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

ශතකයක්, අර්ධ ශතක දෙකක් සමඟින් පිතිකරුවන්ගේ වැඩි දක්ෂතා කැපී පෙනුනු මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 9 ක් දැවී ලකුණු 318 ක් වාර්තා කරගනිමින් සිය මුල් ඉනිම අත්හිටුවන ලදි. තරිඳු අමරසිංහ ලකුණු 144 ක් වාර්තා කරගෙන සුපිරි ඉනිමක් දියත් කළ අතර පසිඳු පැතුම් අර්ධ ශතකයක් වාර්තා කරගත්තේය. 

>>Photos : Prince of Wales’ College v St.Anthony’s College | U19 Cricket Tournament 2019/20<<

එයට පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නායක මොහොමඩ් කාමිල් ලකුණු 67 ක් වාර්තා කරගත් අතර තරිඳු ළමාහේවාගේ ලකුණු 40 ක් වාර්තා කර ගැනීමට සමත් විය. ලකුණු 72 ක පළමු ඉනිමේ වාසියක් සමඟ සිය දෙවන ඉනිම  ආරම්භ කළ සත්කාරකයින් කිසිවෙක් නොදැවී ලකුණු 26 ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය. තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. 

වේල්ස් කුමර විද්‍යාලය : 318/9d (80.3) තරිඳු අමරසිංහ 144, පසිඳු පැතුම් 63, කමේෂ් මෙන්ඩිස් 25, නදුක ප්‍රනාන්දු 22*, ගිහාන් ඊබර්ට් 3/81, සසිත් හිරුදික 2/59. සහ 26/0 (11)

සාන්ත අන්තෝනි විද්‍යාලය : 246 (88.1) මොහොමඩ් කාමිල් 67, තරිඳු ලමාහේවාගේ 40, අංජන බණ්ඩාර 28, කාවින්ද ද මෙල් 3/64.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය වේල්ස් කුමර විද්‍යාලයට)


කොළඹ මහානාම විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක දේවපතිරාජ විද්‍යාලය යි. තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා විය. 

මහානාම විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු 234 ට පිළිතුරු ලෙස දේවපතිරාජ විද්‍යාලය ඔවුන්ගේ ඉනිම දෙක තුළම වාර්තා කරගත්තේ ලකුණු 300 ක් පමණි. ඒ නිසාවෙන් තරගය ජය ගැනීම සඳහා මහානාම විද්‍යාලයට ලකුණු 67 ක ඉලක්කයක් හිමි වූ නමුත් තරගයේ දෙවන දිනය සඳහා නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමෙන් ඔවුන්ට රැස්කර ගැනීමට හැකිව තිබූ තරග ජය ලබා ගැනීමට අවස්ථාව උදා වූයේ නොමැත. 

මෙම තරගයේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් විනුක රූබසිංහ සහ දෙවිඳු කැකිරදෙනිය වැඩි දස්කම් අතරට පැමිණෙන විට පවන් සංදේශ්,  සසංක නිර්මාල් සහ සුධීර වීරරත්න දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්විය. 

මහානාම විද්‍යාලය : 234 (60) විනුක රූබසිංහ 83, අචින්ත සුපුන් 35, පවන් රත්නායක 29, සුධීර වීරරත්න 4/62, හිරුෂික තිමිර 3/58. සහ 41/3 (7) ෂෙහාන් හසරංග 2/17

දේවපතිරාජ විද්‍යාලය : 78 (30.5) පවන් සංදේශ් 39, දෙවිඳු කැකිරදෙනිය 3/03, සදීශාන් චමෝද්‍යා 3/04, ධනුක නිර්මාණ 2/22. සහ F/O 222 (98.1) සසංක නිර්මාල් 53, තරිඳු රුක්ෂාන් 46, පවන් සංදේෂ් 33, දෙවිඳු කැකිරදෙනිය 5/59, අචින්ත සුපුන් 3/64.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය මහානාම විද්‍යාලයට)


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක මලියදේව විද්‍යාලය යි. කෙසේ නමුත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

තර්ස්ටන් විද්‍යාලය රැස්කර ගත් ලකුණු 244 ට පිළිතුරු ලෙස මලියදේව විද්‍යාලය වාර්තා කරගත්තේ ලකුණු 195 ක් පමණි. ඒ නිසාවෙන් ලකුණු 49 ක පළමු ඉනිමේ වාසියක් සමඟ සිය දෙවන ඉනිම ආරම්භ කළ තර්ස්ටන් විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 201 ක් රැස්කර ගෙන තිබුනි. 

මලියදේව නායක මුදිත ප්‍රේමදාස සහ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකන් වන රනේෂ් සිල්වා සහ පවන්ත ජයසිංහ මෙම තරගය තුළ පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර තුන් ඉරියව් දස්කම් දැක්වීමේ දී ඉහළ අවධානයක් දිනාගත්තේ තර්ස්ටන් විද්‍යාලයේ යොහාන් ලියනගේ ය. 

තර්ස්ටන් විද්‍යාලය : 244 (74.3) පවන්ත ජයසිංහ 53, යොහාන් ලියනගේ 34, රනේෂ් සිල්වා 29, සකිඳු විජේරත්න 4/70, හසිඳු රුවන්පුර 3/40. සහ 201/8 (45) රනේෂ් සිල්වා 48, යොහාන් ලියනගේ 43, බවන්ත ජයසිංහ 38, අවිශ්ක කෞශල්‍ය 35, සකිඳු විජේරත්න 6/102.

මලියදේව විද්‍යාලය : 195 (69.2) මුදිත ප්‍රේමදාස 86, යොහාන් ලියනගේ 7/69, පුනිතිල සමන්ත 2/54.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය තර්ස්ටන් විද්‍යාලයට)

ඉන්දියාවට බැටදෙන්න ශ්‍රී ලංකාවෙන් හොඳ සංචිතයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය 

අස්ගිරියේ දී නිමා වූ මෙම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය යම් අවදානමක් අභියසට පැමිණියත් නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීම නිසාවෙන් ඉන් මිදීමට ඔවුන්ට අවස්ථාව උදාවුනි.

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 181 ක් රැස්කර ගත් අතර එයට පිළිතුරු දුන් සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 139 කට සීමා විය. 

Photos – Trinity College Vs St. Thomas’ College, Matara | U19 Cricket Tournament 2019/20

ලකුණු 41 ක පළමු ඉනිමේ වාසියක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කළ සත්කාරක ත්‍රිත්ව ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් වාර්තා කරගනිමින් සිය දෙවන ඉනිම අත්හිටුවන ලද්දේ ලකුණු 188 ක ජයග්‍රාහී ඉලක්කයක් සිය ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි. එම අභියෝගයට පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූ සාන්ත තෝමස් ක්‍රීඩකයින් පන්දුවාර 37 ක් තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 130 ක් රැස්කර ගනිමින් ඉතාමත් හොඳ තරගයක් ලබා දුන් නමුත් අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ  ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. 

ත්‍රිත්ව විද්‍යාලය : 181 (59.3) අග්බෝ අමරසිංහ 32, සිනෙත් සිතාර 5/53, සචිර රශ්මික 3/58. සහ 146/8d (42.2) තෙවින් අමරසිංහ 51*, ශේන් ගුණතිලක 41, සිනෙත් සිතාර 3/58, සචිර රශ්මික 3/60. 

සාන්ත තෝමස් විද්‍යාලය : 139 (58.4) හරින්ද ජයසේකර  60, උමෙයිර් රයිසාන් 4/13, උවිඳු විමලධර්ම 3/42. සහ 130/2 (37) වෝෂිත අත්සර 51*, හිරන්ත ලක්ෂාන් 50*. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය ත්‍රිත්ව විද්‍යාලයට)


  • පළමු දිනයට පැවති තරග 

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ රාජකීය විද්‍යාලය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි. 

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 267/5 (95) ඉසිවර දිසානායක 68, සදීෂ රාජපක්ෂ 63, කවිඳු චතුරංග 66*, තිතිර වීරසිංහ 21, කුෂාන් මධූෂ 2/53.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (1) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

ඉතින් වාර්තාවන් රැසක් අලුත් කළ, දක්ෂ ක්‍රීඩකයින් රැසක් හඳුනාගත් සහ අත්දැකීම් රැසක් ලබාගත් 2019 වසර වෙනුවෙන් පැවති පාසල් ක්‍රිකට් තරග මෙසේ අවසන් වෙනවා. ඉතින් හෙටින් ආරම්භ වන 2020 නව වසර සියලු පැතුම් ඉටුවන, ක්‍රීඩාවේ ඉදිරිය සුබ වන ක්‍රීඩාශීලී නව වසරක් වේවා යැයි ThePapare.com අපි ප්‍රාර්ථනා කරන්නෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<