ප්‍රමෝද් මධුවන්තගෙන් ද්විත්ව ශතකයක්

165

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සැරසන්ස් කණ්ඩායමේ ප්‍රමෝද් මධුවන්ත සමත් විය. ඔහු මෙම ඉනිම වාර්තා කළේ ඊයේ (18) හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ය.

මේ අතර ඊයේ දිනයේ ශතක ලබා ගැනීමට සී. සී. සී. කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ සචිත්‍ර සේරසිංහ සමත් වූහ.

ගමිඳු සහ ප්‍රමෝද් ශතක සබඳතාවකින් සැරසන්ස් සරසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ආරම්භ කරමින් අද (17) පැවති තරග

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් අතර තරගය

එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 524ක් ලබා ගත්හ.

එම ඉනිම් වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 93ක් ලබා සිටි ප්‍රමෝද් මධුවන්ත ඊයේ තම ඉනිම ද්විත්ව ශතකයකින් නිමා කළේය. පන්දු 367කට මුහුණ දුන් මධුවන්ත හතරේ පහර 27ක් සමඟින් ලකුණු 217ක් ලබා ගත්තේ ය.

Photos : Chilaw MCC Vs Saracens SC | Major Super 8s Tournament 2018/19

ඊට අමතරව නිපුන් කරුණානායක පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නිමේෂ් විමුක්ති සහ විදෙස් ක්‍රීඩක සාගර් පරේශි කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටිය හ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 524 (165.1) නවිඳු විතානගේ 23, ගමිඳු කනිශ්ක 109, ප්‍රමෝද් මධුවන්ත 217, නිපුන් කරුණානායක 80, හරීන් වීරසිංහ 29, චතුරංග කුමාර 2/84, සාගර් පරේශි 4/129, නිමේෂ් විමුක්ති 4/93

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 58 (9) යසෝද ලංකා නොදැවී 34, ඔසඳ ප්‍රනාන්දු නොදැවී 21

“අපිට ඕන හොඳ ආරම්භයක්” – දිනේෂ් චන්දිමාල්

නවසීලන්තයේ දී කිසිදු ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු තරමේ දස්කම්


එස්. එස්. සී. සහ ටැමිල් යූනියන් අතර තරගය

එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 321ක් ලබා ගත් අතර දෙවැනි දිනය අවසන් වෙන විට ප්‍රතිවාදී ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 314ක් ලබා සිටිය හ.

Photos: Tamil Union Vs SSC | Major Super 8s Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් සචිත්‍ර සේරසිංහ ශතකයක් ලබා ගත්තේ ය. දිනය අවසන් වන විට ඔහු පන්දු 145කට මුහුණ දී හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 132ක් ලබා සිටියේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.  

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.1) සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිශාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 5/89, දමිත සිල්වා 3/33

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 314 (87.1) ලහිරු මිලන්ත 56, තරංග පරණවිතාන 47, සචිත්‍ර සේරසිංහ නොදැවී 132, යොහාන් මෙන්ඩිස් 35, කසුන් මධුශංක 2/41

දෙවැනි දිනය නිමා වෙද්දී කැන්ගරුවන් සුක්කානම අතට ගනියි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (18) ගෙවී ගියේ සංචාරක


යුද හමුදාව සහ සී. සී. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 295ක් රැස් කළ අතර තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 235ක් ලබා සිටිය හ.

සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් නායක අශාන් ප්‍රියංජන් ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු දිනය අවසන් වෙන විට පන්දු 178කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා සිටියේ ය.

යුද හමුදාව වෙනුවෙන් දුශාන් විමුක්ති ලකුණු 66කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ .

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 ( (105.3) ලක්ෂාන් එදිරිසිංහ 61, හිමාෂ ලියනගේ 44, ඩිල්ශාන් ද සොයිසා 40, සංජික රිද්ම 27, කසුන් ද සිල්වා 20,  යොහාන් මෙන්ඩිස් 26, ලහිරු මධුශංක 2/32, මාලින්ද පුෂ්පකුමාර 6/106

සී. සී. සී: පළමු ඉනිම කඩුලු 4ක් දැවී 235 (72) මාධව වර්ණපුර 32, සෙනොල් දිනූෂ 40, අශාන් ප්‍රියංජන් නොදැවී 104, වනිඳු හසරංග නොදැවී 32, දුශාන් විමුක්ති 3/66


එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර තරගය

සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 298ක් රැස් කළහ.

ලකුණු 47ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටිය හ.

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 3ක් වාර්තා විය. ඒ ජෙහාන් ඩැනියෙල් (67), නායක ප්‍රියමන්ත පෙරේරා (51) සහ නිශාන් මධුශ්ක (67) ය.

කඩුලු ලබා ගැනීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සහ සචින්ත පීරිස් කඩුලු 4 බැගින් දවා ගත් හ.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (56.1) ලහිරු උදාර 85, පැතුම් නිශ්ශංක 35, නිමේෂ ගුණසිංහ 44, මාලිංග අමරසිංහ 25, සාරංග රාජගුරු 23, ජෙහාන් ඩැනියෙල් 2/46, අකිල දනංජය 5/72

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (111.2) ජෙහාන් ඩැනියෙල් 67, ප්‍රියමන්ත පෙරේරා 51, නිශාන් මධුශ්ක 67, නිසල තාරක 27, අකිල දනංජය 37, ලසිත් ඇඹුල්දෙණිය 4/101 සචින්ත පීරිස් 4/87

එන්. සී. සී; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 70 (16) හසිත බෝයගොඩ නොදැවී 34

මේ සියලු තරග අද (19) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<